✟✯✯ ශු. ජුවාන් දියෝගෝ මුනිතුමා ✯ ✯ ✟

 


දෙසැම්බර් මස  9 දින  රෝමානු කතෝලික සභාව සාන්ත ජුවාන් ඩියාගෝ මුනිුමා සමරනු ලබයි.  ස්වදේශික මෙක්සිකානු ජාතිකයෙක් වන මෙතුමා කතෝලික ආගමට ඉමහත් භක්තියක් දැක්වූ නිසාම කතෝලික බෞතීස්මය ලබා සභාවට ඇතුළු විය. කන්‍ය මරිය තුමිය මෙතුමාට දර්ශනය වූ අතර ''ග්වාඩලුපේ අප ස්වාමිදූ"  භක්තිය ආරම්භ වීමට මෙතුමා මුල් විය.

1474 දී, ඔහුගේ බව්තීස්මයේදී ජුවන් දියෝගෝ නම ලැබීමට වසර 50කට පෙර, කෞට්ලාටොඅට්සින් ලෙස (Cuauhtlatoatzin -- "singing eagle" -- වත්මන් මෙක්සිකෝවේ Anahuac නිම්නයේ උපත ලැබීය. ඇස්ටෙක් මිථ්‍යාදෘෂ්ටික ආගමට සහ සංස්කෘතියට අනුව හැදී වැඩුණද, ඔහු ෆ්‍රැන්සිස්කන් මිෂනාරිවරුන්ගෙන් ශුභාරංචිය සා ජීවිත වෙනසක් ඇති කර ගත්තේය.

1524 දී, කෞට්ලාටොඅට්සින් සහ ඔහුගේ බිරිඳ ස්වදේශීක ආගම අතහැර කතෝලික සභාවට ඇතුල් විය. වර්තමානයේ ජුවාන් ඩියාගෝ ලෙස හඳුන්වන ගොවියා ඔහුගේ ඇදහිල්ලට කැපවී සිටි අතර බොහෝ විට ආගමික උපදෙස් ලබා ගැනීම සඳහා බොහෝ දුර ඇවිද ගියේය. 1531 දෙසැම්බරයේදී ඔහු ලෝකය වෙනස් කරන දෙව්මවුන්ගේ දර්ශනයක් අත්දකින ලදි.

දෙසැ. 9, ජුවාන් ඩියාගෝ නිර්මල පිළිසිඳ ගැනීමේ මංගල්‍යය සැමරීම සඳහා දිව්‍ය පූජාවට ඉක්මන් ගමනින් යමින්  සිටියේය. නමුත් ඔහු සැමරීමට පල්ලියට යමින් සිටි ඒ් තැනැත්තිය ඔහු මුණගැසීම ට පැමිණියාය.

ස්වදේශික ඇස්ටෙක් උපභාෂාවෙන්, දීප්තිමත් කාන්තාව තමන් පිළිබඳ ප්‍රකාශ කළේ "සැබෑ දෙවියන්ගේ මව වීමට ගෞරවය ඇති සදාකාලික පරිපූර්ණ ශුද්ධ වූ මරියාවන්" ලෙසයි.

"මම ඔබේ දයානුකම්පිත මව, ඔබේ සහ මේ දේශයේ එකට ජීවත් වන සියලුම මිනිසුන්ගේ මවයි," ඇය තවදුරටත් කියා සිටියාය, "එසේම අනෙකුත් සියලුම මිනිසුන්ගේ පරම්පරාවලද මාතාව මම වෙමි."යනුවෙන් ඇය පවසා සිටියාය.

ප්‍රාදේශීය බිෂොප්වරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ද ඇය ජුවාන් ඩියාගෝගෙන් ඉල්ලා සිටියාය. "මට බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ ඔවුන් මෙහි මා වෙනුවෙන් දේවස්ථානයක් ගොඩනඟා ගැනීමයි" - කලින් මිථ්‍යාදෘෂ්ටික දේවාලයක් තිබූ ස්ථානයේ ඇගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කැප වූ දේවස්ථානයක් සෑදිය යුතුය යනුවෙන් ඇය වැඩි දුරටත් පවසන ලදි.

ඇය දේශීය ගොවියෙකුගෙන් බොහෝ දේ ඉල්ලා සිටියාය.  නමුත් ජුවාන් ඩියාගෝ පැවසුවේ මරණයට ආසන්න බව පෙනෙන තම මාමාට උපස්ථාන කිරීම අවසන් වූ පසු මෙම දර්ශනය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන බවයි.

එහෙත් දෙසැම්බර් 12 වන දින තම මාමා වෙනුවෙන් පූජකයෙකු කැඳවීමට යන අතරමග දී ජුවාන් ඩියාගෝට නැවතත් භාග්‍යවත් කන්‍යාව හමුවිය. ඇය ඔහුගේ මාමාව සුව කිරීමටත් බිෂොප්වරයාට ප්‍රදර්ශනය කිරීමට ලකුණක් දීමටත් පොරොන්දු වූවාය. ඇය මුලින්ම දර්ශනය වූ කඳුකරයේ එය ශීත ඍතුව වුවද රෝස මල් සහ වෙනත් මල් පිපී තිබුණි.

ඇය ඉල්ලූ පරිදිම දියාගෝ මල් සොයාගෙන නැවත ඇය වෙත ගෙන ආවේය. පසුව කන්‍යා මරිය තුමිය ඔහු ඇඳ සිටි සාම්ප්‍රදායික සළුවක් වැනි වස්ත්‍රය වන ඔහුගේ ටිල්මා තුළ මල් තැබුවාය. බිෂොප්වරයා ළඟට එනතුරු මල් අඩංගු ටිල්මා එක දිගහරින්න එපා යැයි ඇය ඔහුට කීවාය.

දියෝගෝ ද එසේ කරන ලදි. රදගුරු තුමාට  දියෝගෝ ටිල්මා ව විවෘත කොට පෙන්වූ විට ටිල්මා මත සටහන් වී තිබුණු ග්වාඩාලුපේ අප ස්වාමිදූව හමු විය.  ඇයගේ රූපය මල් පිරුණු ටිල්මා මත ආශ්චර්යමත් ලෙස සටහන් වී ඇති බව ඔහු සොයා ගත්තේය. දැන් ටිල්මාව තබා ඇති මෙක්සිකෝ්වේ බැසිලිකාව, සමහර ඇස්තමේන්තු අනුව, ලෝකයේ වැඩිපුරම නරඹන කතෝලික සිද්ධස්ථානය බවට පත්ව ඇත.

මිලියන සංඛ්‍යාත මෙක්සිකානුවන්ට ශුභාරංචිය ගෙන ආ ප්‍රාතිහාර්යය ජුවාන් ඩියාගෝගේ ද ආත්මික ජීවිතය ගැඹුරු කිරීමට දායක විය. අත්දැකීමෙන් පසු වසර ගණනාවක් ඔහු හුදකලා ජීවිතයක් ගත කළ අතර, එම රූපය මුලින්ම ප්‍රදර්ශනය කළ පල්ලිය අසල හුදෙකලා නිවසකට වී සේවය කළේය. දෙසැම්බර් මාසයේ ඔහු මිය යන විටත් වන්දනාකරුවන් එම ස්ථානයට ගලා ඒම ආරම්භ කර තිබුණි.

දෙවන ජුවාම් පාවුළු පාප්තුමා මෙතුමාව සාන්තුවරභාවයට ඔසවන ලදි.

Post a Comment

0 Comments