✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 2 ✟✟

 


පළමුවන කියවීම යෙසායා 29:17-24

17එසේ කීම, ‘වනයක් උයනක් බවට ද උයනක් වනයක් බවට ද පත්වීම වැනි ය’ යන කියමනට සමාන ය.
18ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත.
අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.
19දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.
20ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ අවසානය වේ.
හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි.
21අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක.
22ආබ්‍රහම් විපතින් මුදාගත් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සමිඳාණෝ දැන් මෙසේ වදාරන සේක:
“මාගේ සෙනඟෙනි, තවත් නුඹලා ලජ්ජාවට පත් කරනු නොලබන්නහු ය.
නුඹලාගේ මුහුණ ලජ්ජාවෙන් සුදුමැළි නොවන්නේ ය.
23මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය.
එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.
24වියවුල් ව සිටින අයට තේරුම්පැහැදුම් ඇති වන්නේ ය.
මැසිවිලි කියන අය ඉගෙනගන්න සතුටු වන්නෝ ය.”

පිළිතුරු ගීය ගීතාවලිය 27:1, 4, 13-14

පිළිතුර 

සුබාරංචිය මතෙව්9:27-31


Post a Comment

0 Comments