✟✯✯ ශු. එලිසබෙත්තුමිය සහ ශු. සකරියස් මුනිතුමා ✯ ✯ ✟







 ශාන්ත. එලිසබෙත්සතුමිය සහ සකරියස් මුනිතුමා ස්නාවක ජොහන්තුමාගේ දෙමාපියන් වේ.

එලිසබෙත්තුමිය දෙවිඳුන්ගේ මව වූ මරියාගේ ඥාතිවරියකි; ඔවුන් අතර පැවති නිශ්චිත ජීව විද්‍යාත්මක ඥාති  සම්බන්ධය පිළිබඳ තොරතුරු කිසිවක් ‌හමු නොවේ. නමුත් සභා සම්ප්‍රදාය පවසනු ලබන්නේ ඔවුන් ඥාතින් වූ බවයි.

ලූක් සුබාරංචිය පවසන්නේ එලිසබෙත්තුමිය දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිසිදු නපුරක් නොකළ නමුත් ඇගේ ජීවිතයේ විවාහ වී වැඩි කාලයක් යනතුරු ඇය දරුවන් නොලබා සිටි බවයි. ගාබ්‍රියෙල් දේවදූතයා දේවමාළිගාවේ පෙනී සිට තම ස්වාමිපුරුෂයා වූ සෙකරියස්ට පුතෙකු දෙන බව පොරොන්දු වන අවස්ථාවේ දී මෙතුමිය වයසින් වැඩිමහළුව, දරුවෙකු ලබන වයස ඉක්මවා ගොස් සිටියාය.

මෙතුමිය වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ එවකට ජේසුස් වහන්සේ ලැබීමට ගැබ්ගෙන සිටි මරියා ඥාති සොහොයුරිය හමුවීමට පැමිණි විට තම කුස තුළ සිටි දරුවා සතුටු වන බව දැනෙන විට ඇය පැවසූ “මරියාවන් ආශිර්වාද ලත් තැනැත්තිය” යන වචනයි. කෙසේ වෙතත්, මෙතුමියගේ පුත් ස්නාවක ජොහන්ගේ උපත හා චර්මච්ඡේදනය කිරීමෙන් පසු ඇය ගැන බයිබලයේ තවත් සඳහනක් දක්නට නොමැත.

සෙකරියස්තුමා ජෙරුසලම් දේවමාලිගයේ පූජකවරයෙකි. ගාබ්‍රියෙල් දේව දූතයා එලිසබෙත්ට "ඉශ්‍රායෙල් ජනයාගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතට ආපසු ගෙන යන" පුතෙකු බිහි කරන බව ප්‍රකාශ කරන විට සෙකරියස්තුමා දේවමාළිගාවේ දුම් පූජා පවත්වමින් සිටියේය. ඇගේ වයස දරුවෙක් බිහි කිරීමේ වයස පසු කර තිබූ නිසා සෙකරියස්තුමා මේ ගැන සැක කළ විට, ඔහු ගොළු විය. දේවමාළිගාවෙන් පිටව යන විට ඔහු දර්ශනයක් දුටු බව එහි සිටි අයට පැහැදිලි විය. සෙකරියස්තුමා ‌ස්නාවක ජොහන්තුමා ඉපදුණු පසු අලුත උපන් බිළිඳාගේ නම ලියන අවස්ථාවේ දී ඔහුගේ ගොළු බව දුරු වූ බව ලූක් සුබාරංචියේ සඳහන් වේ. 

එලිසබෙත්තුමිය සහ සෙකරියස්තුමා පිළිබඳ දන්නා සියල්ල මෙපණක් වන අතර නව ගිවිසුමේ ලූක් සුබාරංචියේ 1 වන පරිච්ඡේදයේ ඉහත විස්තර සඳහන් ව ඇත.

සභා සම්ප්‍රදාය පවසන්නේ සෙකරියස් තුමා කුළුදුළන් ‌මරණයට පත් කරන අවස්ථාවේ දී  හෙරොද් රජුට තම පුත් ජොහන් සඟවා ඇති ස්ථානය පැවසීම ප්‍රතික්ෂේප කළ විට දේවමාළිගාවේදී ඝාතනය වූ බවය

Post a Comment

0 Comments