✟✯✯ ශු. ජේම්ස් ඉන්ටර්සිසස් මුනිතුමා ✯ ✯ ✟

 




ශාන්ත ජේම්ස් ඉන්ටර්සිසස්,  යනු පර්සියාවේ බෙත් හුසායේ හි උපත ලද සිරියානු ක්‍රිස්තියානි සාන්තුවරයෙකි.  ඔහු සෙමෙන් කෑලි විසි අටකට කපා මරණයට පත් කර ඇත. ඔහුගේ මරණයෙන් රෝම-සැසානිඩ් යුද්ධය (421-422) ආරම්භ විය.

සම්ප්‍රදායට අනුව මොහු පළමු යස්ඩෙගර්ඩ්ගේ හමුදා නිලධාරියෙකු සහ රාජ සභිකයෙකු වූ බවයි. කෙසේ වෙතත්, ඔහුගේ ක්‍රිස්තියානි පවුලේ බලපෑම යටතේ, ඔහු යස්ඩෙගර්ඩ්ගේ අනුප්‍රාප්තිකයා වූ V වන බහ්‍රම් වෙත තම ඇදහිල්ල ප්‍රකාශ කළ අතර, එය ඔහුව ඝාතනය කිරීමට හේතුව විය.

ඔහු ඉරානයේ බෙත් ලපට් (ගුන්ඩිෂාපූර්) හිදී මරා දමන ලදී. මෙම නගරයේ නටඹුන් තවමත් ඉරානයේ ඩෙස්ෆුල් අසල දක්නට ඇත.

ඔහුගේ මරණ දණ්ඩනය සිදු කරන විට, ඔහු හිස ගසා දමන තුරු අත් පා අහිමි වීමෙන් ද දිවි ගලවා ගත් බව සඳහන් වේ. ඔහුගේ අනුගාමිකයින් ඔහුගේ ශරීර කොටස් ධාතු ලෙස ඉල්ලා සිටියද, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බැවින්, ඔවුන් ශරීර කොටස් සොරකම් කළ අතර, ඒවා කෙසේ හෝ පෘතුගාලයේ බ්‍රාගා ආසන දෙව්මැදුරට යවා ධාතු දේවස්ථානයේ සාර්කෝෆාගස් තුළට දමන ලදී.

ජේම්ස්ගේ කතාව ''ද ගෝල්ඩන් ලෙජන්ඩ්'' හි නැවත විස්තර කර ඇත.

(ගෝල්ඩන් ලෙජන්ඩ් යනු මධ්‍යතන යුගයේ අග භාගයේ යුරෝපයේ බහුලව කියවන ලද Jacobus de Varagine විසින් රචිත සාන්තුවර චරතාපදාන එකතුවකි. පාඨයේ අත්පිටපත් දහසකට වඩා ඉතිරිව ඇත. එය ශත වර්ෂ 1259-1266 දී පමණ සම්පාදනය කර ඇතත්, ශතවර්ෂ ගණනාවක් පුරා පෙළ එකතු කරන ලද්දකි.)

Post a Comment

0 Comments