✟✯✯ ශු. සිල්වෙස්ට්‍රෝ ගුසෝලිනී මුනිතුමා ✯ ✯ ✟

 


සිල්වෙස්ට්‍රෝ ගුසෝලිනි උපත ලැබුවේ ඉතාලියේ ඔසිමෝ ප්‍රදේශයේ ගිස්ලෙරියෝ ගුසෝලිනි සහ බියන්කා යන වංශවතුන්ට දාව 1177 වර්ෂයේ දී ය.

මෙතුමාව 1197 දී බොලොඤ්ඤ විද්‍යාලයට සහ පාදුවා  හි විද්‍යාලයට නීති විද්‍යාව ඉගෙන ගැනීමට යවන ලද නමුත් ඔහුගේ අධ්‍යයනවලින් කිසිදු තෘප්තියක් මෙතුමා නොලබන අතර ඒවා ලෞකික යැයි හැඟුණු නිසා දේවධර්මය සහ ශුද්ධ ලියවිලි අධ්‍යයනය සඳහා නීති අධ්‍යයනය අත්හරින ලදි. වර්ෂ 1208 දී ආපසු නිවසට පැමිණි පසු, මෙතුමාගේ පියා - තම පුත්‍රයා අරමුණ වෙනස් කිරීම නිසා කෝපයට පත් වී දශකයක් පමණ මෙතුමා සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කළ බව කියනු ලැබේ.කලකට පෙර මියගිය තම ඥාතියෙකුගේ දිරාපත් වෙමින් තිබු දේහය දැකීමෙන් ගැඹුරු සිත්හැරීමක් මෙතුමා තුළ ඇතිවූ බව කියැවේ. මෙතුමා  ඔසිමෝහි තේවාචාර්ය තනතුරක් ලබා පසුව 1217 දී රදගුරුතුමා අතින් පැවිදි ජීවිතය ලබා ගන්නා ලදි. 

මෙතුමා 1227 දී ඔසිමෝ නගරයෙන් ඈත කාන්තාර ස්ථානයකට ගිය අතර, ඉඩමේ හිමිකරු - වංශාධිපති කොරාඩෝ - ඔහුව හඳුනාගෙන ඔහුගේ තපසමය සඳහා වඩා යෝග්‍ය ස්ථානයක් ලබා දෙන තෙක් දැඩි දරිද්‍රතාවයකින් එහි ජීවත් විය. පසුව මෙතුමා ග්‍රෝටා ෆුසිලේ හි ස්ථාපිත වූ අතර පසුව ඔහු තම අනාගත ආගමික පිළිවෙල සඳහා තාපසාරාමයක් ගොඩනඟා ගත්තේය. මෙම ස්ථානයේ ඔහුගේ ජීවිත ක්‍රමය ඉතා දුෂ්කර වූ අතර ඔහු අමු ඖෂධ පැළෑටි සහ ජලය මත ජීවත් වූ අතර හිස් පොළවේ නිදාගත් ගන්නා ලදි. ඔහුගේ මඟ පෙන්වීම පතා ගෝලයන් ඔහු වෙතට රොක් වූ අතර ඔහුට නීති පද්ධතියක් සකසා ගැනීම වැදගත් විය. ඔහුගේ කීර්තිය 1228 දී IX ග්‍රෙගරි පාප්තුමාගේ කනස්සල්ලට හේතු වූ අතර, දොමිනිකානු නිකායට එක්වීමට ආරාධනා කිරීම සඳහා ඩොමිනිකන් ෆ්‍රයර්වරුන් වන රිකාඩෝ සහ බොනපාට් ඔහු වෙත යැවීමට ඔහු තීරණය කළ නමුත් මෙතුමා එය ප්‍රතික්ෂේප කළේය. මෙතුමාගේ අනුගාමිකයින් සඳහා 1231 දී නුර්සියා හි බෙනඩික්ට්තුමාගේ දර්ශනය ද තෝරා ගත් අතර ඉතාලියේ ෆ්‍රැබ්‍රියානෝ අසල  මොන්ටෙෆානෝ හි මෙතුමා  පළමු තාපසාරාමය ගොඩනඟන ලදි.

1248 ජූනි 27 වන දින  IV වන ඉනසන්ට් පාප්තුමාගේ අවසරය මෙතුමාගේ පැවිදි හවුලට ලැබුණු අතර මෙතුමාගේ මරණයට පෙර තාපසාරාම එකොළහක් ආරම්භ කරන ලදී. මෙතුමා 1267 නොවැම්බර් 26 දින දරුණු උණ රෝගයකින් මිය ගියේය.

මෙතුමා සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු තාපස නිකායේ නිර්මාතෘවරයා වන අතර 1845 දී ගරු.ජෝසප් මරිය බ්‍රාවි සා.බෙ.නි. හිමිපාණන් ශ්‍රීලංකාවට පැමිණීමත් සමග මෙම නිකාය ලංකාවට හඳුන්වා දීමට අඩිතාලම වැටිණි.

කතෝලික විශ්වාසය, අධ්‍යාපනය, සංස්කෘතිය, ජනවන්දනාව සහ ගොඩනැගිලි නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්‍රයන් තුළ කඩිනම් වර්ධනයක් සිදුකිරීමට මෙම පැවිදි නිකාය ලංකාව තුළ සමත් විය. ප්‍රථමයෙන් දකුණු අනුපදවිය තුළ (කොළඹ, මහනුවර,බදුල්ල සහ ගාල්ල ප්‍රදේශ ඇතුළත්වූ) හා ඉන් පසුව දිවයිනේ මධ්‍යම පළාත ඇතුළත් වූ මහනුවර රදගුරු පදවියේ මෙන්ම ඉන් පසුව ඇති කළ බදුල්ල රදගුරු පදවිය තුළ දේව ජනතාවට සේවය කරමින් කිතු සසුන පෝෂණය කිිරීමට මෙම පැවිදි හවුල දායක වි ඇත. 

Post a Comment

0 Comments