✟✯✯ ශු. ඇන්ඩෲ ඩුන්ග් ලාක් මුනිතුමා ✯ ✯ ✟




 ඔහු 1795 දී ට්‍රෑන් ඇන් ඩොං ලෙස උපත වියට්නාමයේ දී ලැබීය. ඔහුගේ බව්තීස්මයේ දී ඇන්ඩෘ යන කිතුනු නාමය ගත්තේය. කිතුණුවන්ට එරෙහිව  හිංසා පීඩා හටගත් කාලයේදී ඔහුගේ නම ලාක් ලෙස වෙනස් කළ බැවින් ඔහුව අනුස්මරණය කරනු ලබන්නේ ඇන්ඩෘ ඩුන්ග් ලාක් යනුවෙනි. 

කතෝලික ආගම වැළඳගෙන පූජකවරයට පත් වූ ඔහු 1820 සිට 1862 දක්වා වියට්නාමයේ දිවි පිදූ 117 දෙනාගෙන් කෙනෙකි. වර්ෂ 1615 දී පෘතුගීසීන් වියට්නාමයට පැමිණීමත් ජේසු නිකායික පියතුමන්ලා හරහා කතෝලික ධර්මය ප්‍රචලිත වන්නට පටන් ගත්තේය. 19 වන ශතවර්ෂයේ අවම වශයෙන් තුන් වතාවක්වත් වියට්නාමය තුළ කිතුණුවන්ට එරෙහිව දරුණු පීඩා දියත් කරන ලදී. 1820න් පසු දශක හය තුළ කතෝලිකයන් 100,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනයට හෝ දැඩි දුෂ්කරතාවන්ට ලක්විය. 
1832 දී මිං-මැන්ග් අධිරාජ්‍යයා සියළුම විදේශීය මිෂනාරිවරුන් තහනම් කළ අතර කුරුසියේ ඇණ ගැසීමෙන් වියට්නාම ජාතිකයන් සිය ඇදහිල්ල ප්‍රතික්ෂේපයට ලක්කිරීමට උත්සාහ කළේය.

ඇන්ඩෘ ඩුන්ග් ලාක් මුනිඳුන් 1839 දෙසැම්බර් 21 වන දින ඝාතනයට ලක්විය.

Post a Comment

0 Comments