✟✯🌷 ශු. ‌ෆ්‍රැන්සිස් ශේවියර් කබ්‍රිනි මුනිවරිය 🌷✯ ✟

 




මෙතුමිය 1850 වසරේ ජූලි 15 වන දින එවකට ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ කොටසක් වූ වර්තමානයේ ඉතාලියේ ලොම්බාර්දි පළාතේ සන්තාන්ජෙලෝ ලොදිගියානෝ හි උපත ලැබීය. අගොස්ටීනෝ කබ්රිනි සහ ස්ටෙලා ඕල්දීනි යන යුවලට දාව උපන් දරුවන් දහතුන් දෙනාගෙන් බාලයා වූයේ ඇයයි.

මාස දෙකකට පෙර උපත ලැබූ ඇය කුඩා කාලයේ සිට මුළු ජීවිත කාලය පුරාම ශාරීරිකව දුර්වලව පසු වූවාය. ඇගේ ළමා කාලය තුළ ඇළක් අසල ජීවත් වූ පූජකවරයකු වූ ලුයිගි ඕල්දීනි නම් මාමා කෙනෙකු බැලීමට ගියාය. ඇය එහි සිටියදී කුඩා කඩදාසි බෝට්ටු සාදාඒවා තුළට වයලට් නම් වූ මල් දමාඑම මල් ධර්මදූතයින් ලෙස නම් කරඉන්දියාවට හා චීනයට යාත්‍රා කිරීමට දියත් කළාය. දහතුන්වන වියේ දීෆ්‍රැන්චෙස්කා ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ දියණියන් විසින් පවත්වාගෙන යනු ලැබූ පාසලකට ඇතුළත්  විය.

1870 දී ඇගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුඇය අර්ලුනෝ හි දිව්‍ය හෘදයේ  දියණියන්ගේ කන්‍යාරාමයට ඇතුළත් වීමට ඉල්ලුම් කළාය. මෙහි පැවිදි සහෝදරියන් ඇගේ හිටපු ගුරුවරුන් වූ නමුත්අකමැත්තෙන් වුවදපවසා සිටියේ ඇය ඔවුන්ගේ ජීවිතයට දුර්වල බවය.  ඇය ඉගැන්වූ කොඩෝග්නෝ හි  අනාථ නිවාසයේ  ප්‍රධානියා ලෙස කටයුතු කළ අතරආගමික ජීවන රටාවක් ගත කිරීම සඳහා කාන්තාවන් පිරිසක් ඇය වෙත ඇදී ආවෝය. ෆ්‍රැන්චෙස්කා 1877 වසරේ දී පැවිදි වේද භාරයන් ලබා ගත් අතර ධර්මදූත සේවයේ නාමසාන්තුවරයකු වූ ජේසු නිකායික ශුද්ධ වූ  ෆ්‍රැන්සිස් සේවියර් මුනිඳුන් හට ගෞරවයක් ලෙස සේවියර් යන නම ඇගේ නමට එක් කරගත්තාය.

1880 නොවැම්බරයේදී ඇය හා එක් වූ තවත් කාන්තාවන් හත්දෙනෙකු සමඟ ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ ධර්මදූත සොහොයුරියන් නමින් පැවිදි නිකායක් ආරම්භ කළාය. ඇය විසින් එම නිකායේ පාලනය උදෙසා ව්‍යවස්ථාවක් සකස් කළ අතර මිය යන තුරුම ඇය එහි ජේෂ්ඨ මවුතුමිය ලෙස කටයුතු කළාය. පැවිදි සොයුරියන් අනාථ දරුවන් වෙනුවෙන් ද දිවා පාසලක් පවත්වාගෙන යෑමෙන් සේවය කළ අතර ගෙත්තම් පිළිබඳ පන්තියක් ද ආරම්භ කරඅවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ඔවුන් නිම කළ එම්බ්‍රොයිඩර් විකුණා දැමූහ. එමගින් ඔවුන් සිය පළමු වසර පහ තුළ නිවාස හතක් සහ නොමිලේ අධ්‍යාපනය සලසන පාසලක් ද පිහිටුවන ලදී. මෙම නිකාය මගින් සිදු කරනු ලබන යහපත් ක්‍රියා පිළිබඳව 13 වන  ලියෝ පාප්තුමාගේ අවධානයට යොමු විය.

1887 වසරේ  සැප්තැම්බර් මාසයේදී ඇය චීනයේ ධර්මදූත කාර්යය සඳහා පිරිසක් යැවීම සඳහා පාප්තුමාගේ අනුමැතිය ඉල්ලා සිටිය ද පාප්තුමාන් ඉල්ලා සිටියේ ඇයට එක්සත් ජනපදයට ගොස් එහි දිළිඳු බවින් පීඩා විඳින ඉතාලි සංක්‍රමණිකයින්ට උදව් කිරීමට ය. ෆ්‍රැන්චෙස් තුමිය 1889 මාර්තු 31 වන දින තවත් සහෝදරියන් හය දෙනෙකු සමඟ නිව්යෝර්ක් නගරයට පැමිණි නමුත් එහිදී  ඇය බලාපොරොත්තු සුන්වීම් හා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නාය. කෙසේ නමුත් ඇය විසින් නිව්යෝක් නගරයේ අනාථ නිවාසයක් ආරම්භ කරන ලදී.

කබ්රිනි ඉතාලි සංක්‍රමණිකයින් සඳහා ධර්මෝපදේශ සහ අධ්‍යාපන පන්ති සංවිධානය කළ අතර බොහෝ අනාථ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීය. දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද ඇය පාසල් හා අනාථ නිවාස පිහිටුවා ගත්තාය. ඇය තම දූත කාර්යය වෙනුවෙන් යාච්ඤා කරන තරමටම සම්පත්දායකයන් ඇය වටා එක් විය. මුදල්කාලයශ්‍රමය මගින් ඇයට අවශ්‍ය දේ පරිත්‍යාග කරන පුද්ගලයින් ඉදිරිපත්විය. නිව්යෝර්ක් නගරයේ ඇය කොලොම්බස් රෝහල ආරම්භ කළ අතර එය ඉතාලි රෝහලක් සමඟ ඒකාබද්ධ වී 1973 සිට කබ්රිනි වෛද්‍ය මධ්‍යස්ථානය ලෙස  පවත්වාගෙන යනු ලැබීය. රෝගී සහ දුප්පතුන්ට සේවය කිරීම සඳහා ඇය ධර්මදූත ආයතන 67 ක් ආරම්භ කළාය. 

1909 වසරේ දී ඇයද එක්සත් ජනපදයේ පුරවැසියෙකු ලෙසද පිළිගනු ලැබීය. මැලේරියා රෝගය නිසා ඇති වූ සංකුලතා හේතුවෙන් 1917 දෙසැම්බර් මස 22 වන දින නත්තල වෙනුවෙන් දරුවන් හට රස රසකැවිලි සාදමින් සිටියදී මෙතුමිය අවසන් හුස්ම හෙළන ලදී.

සංක්‍රමණිකයන්ගේ සහ රෝහල් පරිපාලකයින්ගේ නාමසාන්තුවරිය ලෙස ඇය ගෞරවයට පාත්‍ර වී ඇත.

Post a Comment

0 Comments