✟✯✯ ශු ජොසෙෆාට් මුනිතුමා ✯ ✯ ✟

 


මෙතුමා උපත ලබන්නේ 1580 වසරේ එවකට පෝලන්තයේ (වර්තමානයේ යුක්‍රේනය) වොලොඩිමර් නම් නගරයේ දීය. එමෙන්ම  මෙතුමන් බෞතීස්ම කරනු ලැබූයේ නැගෙනහිර ඕතොඩොක්ස් සභාවේ ය. මෙතුමාගේ දෙමව්පියන් විසින් කුඩා කල පටන් ආගමික වාතාවරනය තුළ මෙතුමා හදා වඩා ගන්නා ලදී. පාසල් කාලය තුළ අසාමාන්‍ය ලෙස දක්ෂතා පෙන්නුම් කළ මෙතුමා ස්ලැවොනික් භාෂාව හැදෑරු අතර කියවීම දිනපතා පුරුද්දක් බවට පත් කර ගත්තේය.

තම දෙමව්පියන් මුහුණ දුන් ආර්ථික ප්‍රශ්න නිසා වෙළදාම් කටයුතු සඳහා යොමු වීමට මෙතුමාට සිදු විය. ශුද්ධ වූ ත්‍රීත්වයේ තාපසාරාමයට ඇතුළු වීමට තිරණය කර ගත් මෙතුමා තමන් යොමුවී සිටි ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වූ අතර ද විවාහය ද ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ශුද්ධවත්ත ජීවිතය පිළිබඳව මිනිසුන් අතර ප්‍රචලිත වූ අතර බොහෝ දෙනෙක් මෙතුමාව මුණ ගැසීමට පැමිණියෝය. තේවාචාර්යවරය ලබා ගන්නා ඔහු  සභාව තුළ නිත්‍ය ලෙස සේවය කිරීමට පටන් ගත්තේය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආධුනිකයින් බොහෝ දෙනෙක් තාපසාරාමයට ඇතුළු වන්නට පටන් ගත්තෝය.

වර්ෂ 1609 දී ජේසු නිකායික පියතුමකු යටතේ පුද්ගලිකව අධ්‍යාපනය ලැබූ මෙතුමා කතෝලික රදගුරුතුමකු අතින් පූජකවරය ලබා ගත්තේය. තාපසාරාම කිහිපයක ප්‍රධානියා බවට පත් වූ මෙතුමා 1617 නොවැම්බර් 12 වන දින පොලොට්ස්ක් පදවියේ අනුප්‍රාප්තික රදගුරු ධූරයට පත් විය . ඔහුගේ ධූරකාලය තුළදී පොලාට්ස්ක් හී සාන්ත සොෆියා ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිමට ද දායක විය.

කොතරම් බාධා එල්ල වුවදඔර්තඩොක්ස් කිතුනු සභාව සහ රෝමානු කතෝලික සභාව අතර එක්සත් බව වර්ධනය කිරීමට මෙතුමන් සෑම විටම මුල් වී කටයුතු කළේය. පූජක ජීවිතේ ශුද්ධවන්තභාවය රැකගැනීම සඳහා අවශ්‍ය විනය රීති පද්ධතියක් පවා එතුමන් විසින් සකස් කරන ලදී. එතුමන් හට එදිරිවාදී වූ මිනිසුන් පිරිසක් විසින් 1623 නොවැම්බර් 12 වන දින එතුමන්ව ඝාතනය කරන ලදී.

ඔර්තඩොක්ස් කිතුනු සභාව සහ රෝමානු කතෝලික සභාව අතර එක්සත් බව වර්ධනය කිරීමට මුල් වූ  මෙතුමාගේ මංගල්‍යය නොවැම්බර් මස 12 වන දින සමරනු ලබයි.  

Post a Comment

0 Comments