✟✯ ශු. නාර්සිසස් මුනිතුමා ✯ ✟


 නාර්සිසස් මුනිඳුන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 99 වසරේදී ය.

සභා සම්ප්‍රදායට අනුව, නාර්සිසස් ජෙරුසලමේ 30 වන රදගුරු  බවට පත්වන විට අවම වශයෙන් ඔහුගේ වයස අවුරුදු 80 වන්නට ඇතැයි සැලකේ.

ක්‍රිස්තු වර්ෂ 195 දී, නාර්සිසස් පලස්තීනයේ කයිසාරියාවේ රදගුරු තියෝෆිතුස් සමඟ කයිසාරියාවේ රදගුරුවරුන් සමඟ පවත්වන ලද මන්ත්‍රණ සභාවේ මුලසුන දැරූ අතර එහි දී පාස්කු මංගල්‍යය  නියත වශයෙන් ඉරිදා  දිනකම පැවැත්විය යුතු බවට නියෝග කරන ලදී. 

එයුසේබියස් තුමන්ගේ සාක්ෂි දැරීමකට අනුව, නාර්සිසස් මුනිඳුන් විසින් සිදුකළ ප්‍රාතිහාර්යයක් ලෙස සටහන් වන්නේ පාස්කු මංගල දිනට පෙර රාත්‍රියේ දේව මෙහෙය  අතරතුරදී, දේවස්ථානයේ සියලුම පහන් දැල්වීම සඳහා ජලය තෙල් බවට හැරවූ  අවස්ථාවය.

තමන් ජීවත් වූ සමාජයේ බොහෝදෙනා විසින් කරන ලද බරපතළ චෝදනා කිහිපයකට මෙතුමා ලක් වූ  නමුත් ඒවා අසත්‍ය බව ඔප්පු විය. ඔහු තමන්ට චෝදනා කළ අයට සමාව දුන් අතර ජෙරුසලමෙන් පිට වී වසර ගණනාවක් හුදෙකලාව ජීවත් විය.

ඔහු නොමැති කාලය තුළ රදගුරවරු තිදෙනෙක් අනුප්‍රාප්තිකව ජෙරුසලමට පත් විය. ඔහු ජෙරුසලමට ආපසු පැමිණි විට, ජනතාව ඒකමතිකව ඔහු සොයා ගොස් ඔහුගේ රදගුරු සේවය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියහ. ඔහු එය භාරගත් නමුත් ඔහුගේ වයස සහ වගකීම් වල බරපතලකම නිසා ශුද්ධ වූ  ඇලෙක්සැන්ඩර් තුමන්ව ඔහුගේ සහායක  රදගුරවරයා බවට පත් කළේය. ශුද්ධ වූ නාර්සිසස් මුනිඳුන් තම රදගුරු වසම තුළ මෙන්ම පිටත ද තම ජනතාවට මෙන්ම වෙනත් සභාවලට ද සේවය කළේ ඔහුගේ නිරන්තර යාච්ඤාව සහ එක්සත්කම හා සාමය උදෙසා ජනතාවට ඔහු කළ අවවාද මගිනි. එතුමන්ගේ මරණය සිදු වූවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 216 වසරේදී ය.

Post a Comment

0 Comments