✟✯ ශු. එවරිස්ටස් පාප්තුමා ✯ ✟

 


මෙතුමා රෝමයේ පස්වන රදගුරුවරයා විය. ක්‍රි.ව. 99 සිට ඔහුගේ මරණය දක්වා එනම් ක්‍රි.ව.  107 පමණ දක්වා  මෙතුමා රෝම රදගුරු තනතුර හොබවන ලදි. එලෙසම මෙතුමා නැගෙනහිර ඕතඩොක්ස් සභාවේ සහ කතෝලික සභාවේ සාන්තුවරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වේ. අපෝස්තලික යුගයේ අවසානය සනිටුහන් කරමින් ජොහන් අපොස්තුළු තුමා මිය යන විට මෙතුමා රෝමයේ රදගුරුවරයා විය.

මෙතුමා ගැන තොරතුරු සඳහන් වී ඇත්තේ අල්ප වශයෙනි. ලිබර් පොන්ටිෆිකලිස් ට අනුව, මෙතුමා බෙත්ලෙහෙමේ ජීවත් වූ ග්‍රීක ජුදෙව් පවුලකින් පැමිණ ඇත. මෙතුමා රෝම අධිරාජ්‍යයා වූ  ට්‍රාජන්ගේ පාලන සමයේදී රෝම රදගුරු තනතුරට තේරී පත් වූ අතර, Iවන ක්ලෙමන්ට්ගෙන් පාප්තුමාගෙන් පසු පාප්ධූරයට පත්වූයේ ද මෙතුමාය.

එව්සේබියස්, ඔහුගේ සභා ඉතිහාසය IV ග්‍රන්ථයෙහි,  වසර අටක් රෝම රදගුරු පදවිය දැරීමෙන් පසු ට්‍රාජන් අධිරාජ්‍යයාගේ පාලන සමයේ මෙතුමා මිය ගිය බව සදහන් කර ඇත. මෙතුමා ලිබර් පොන්ටිෆිකලිස් පවසන ආකාරයට රෝමය ප්‍රදේශ කිහිපයකට බෙදා, එක් එක් පූජකයෙකු පත් කර, නගරය සඳහා උපස්ථායකයන් හත් දෙනෙකු පත් කර ඇත.

මෙතුමා ප්‍රාණ පරිත්‍යාගි වරයෙක් ලෙස දක්වා ඇත. මෙතුමාව වතිකානුවේ ශාන්ත පේදුරු තුමාගේ සොහොන් ගෙය අසල තැන්පත් කර ඇති බව අනුමාන කළ හැකිය.

Post a Comment

0 Comments