꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 15 ✟✟☬༒☆꧂

 


පළමුවන කියවීම එපීස  1:15-23

11අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනඟක් වෙමු. එසේ වන්නේ, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය. 12මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය.

13ඉදින්, උන් වහන්සේ තුළින් ඔබ ද, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතිකකමේ මුද්‍රාව ලැබුවහු ය. 14ඒ ශුද්ධාත්මයාණන් වනාහි, දෙවියන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන් වහන්සේට අයිති අයට ගැළවීම සලසා දෙන අපේ උරුමයේ අත්තිකාරම ය.

පිළීතුරු ගීය ගීතාවලිය 8:2-3AB, 4-5, 6-7

පිළිතුර දෙවිඳුනි,ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 

2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක.
රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
3සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,
4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද?
පිළිතුර දෙවිඳුනි,ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 
මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය.
තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
පිළිතුර දෙවිඳුනි,ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 
6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක.
ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
පිළිතුර දෙවිඳුනි,ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 

ආලේලූයියා ජොහන් 15:26B, 27A
පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. 27තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.

සුබාරංචිය ලූක් 12:8-12

8“තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක. 9එහෙත්, මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි දී ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි මම ඔබට කියමි. 10 මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය. 11 ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න. 12ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”


Post a Comment

0 Comments