✟✯✯ ශු. ඒල්බේ මුනිතුමා ✯ ✯ ✟



ජනප්‍රවාදයට අනුව එල්බ් පස්වන ශතවර්ෂයේ උපන්නා යැයි සැලකෙයි. ඔහුගේ පියා ඔහු උපදින්නට පෙර ක්‍රොනන් රජු වෙතින් පලා ගිය අතර රජු විසින් දරුවා මරණයට පත් පත් කළ යුතු යැයි අණ දෙන ලදී. නමුත් ඔහුගේ මවගේ සේවකයින් විසින් එල්බ් ව පාලු කර එක පර්වතයක් මත තබන ලදී. එහිදී වෘකයකු විසින් ඔහු සොයාගෙන සාත්තු කර ආරක්ෂා කළ බව කියැවේ.

මෙම කැලේට පැමිණි බ්‍රිතාන්‍ය ආගන්තුකයන් විසින් එල්බ් ව සොයා ගන්නා ලද අතර ඔවුන් නැවතත් සිය රට බලා යද්දී මෙම දරුවා අයර්ලන්තේම තබා යන්නට සැලසුම් කළ ද පුදුම සහගත ලෙස එම ගමනට නිරතුරු බාධා එල්ල විය. නමුත් දරුවා තමන් සමඟ රැගෙන යාමට කැමැති වූ විට තම මව්බිමට යන ගමන සාර්ථක විය.

බ්‍රිතාන්‍යයේ වේල්ස් නගරයේ ජීවත් වන්නට පටන් ගත් එල්බ් පසුව රෝමයට ගොස් ශුද්ධ වූ හිලරි පාප්තුමන් ලෙස සිටි අවධියේ දී එතුමන් විසින් රදගුරුවරයෙකු ලෙස අභිෂේක ලැබීය. නැවතත් තම මව්බිමට පැමිණීමට පෙර තමන් සිටි නගරයේ මිනිසුන් දින තුනක් පුරා එතුමන් විසින් පෝෂණය කළ බව කියැවේ.

දිනක් දඩයක්කරුවන් විසින් එතුමන්ව කුඩාකල රැකබලා ගත් වෘකයා මරා දැමීමට උත්සාහ කරද්දී ඌ එල්බ් වෙත දුව ගොස් තම හිස රදගුරුතුමාගේ පපුව මත හොවා ගත් බව ද එතැන් පටන් එතුමන් වෘකයා සහ ඌගේ පැටවුන් රැක බලා ගන්නා ලදී.

එතුමන් ගේ මරණය සිදු වූවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 528 වසරේදී ය.

Post a Comment

0 Comments