✟✯✯ ශා. රූපට් මුනිතුමා ✯ ✯ ✟

 



මාර්තු 27 වන දින කතෝලික සභාව එහි ඓතිහාසික බලකොටු දෙකක් වන ඔස්ට්‍රියාව සහ බැවේරියාව තුළ සභාව ගොඩනඟා ගැනීමට ඉමහත් දායකත්වයක් දැක්වූ රදගුරු ශාන්ත රූපට් මුනිතුමා සිහිපත් කරයි.

ඔහුගේ ජීවිත කාලය තුළ, "බැවේරියාවේ සහ ඔස්ට්‍රියාවේ අපොස්තුළු තුමා" යන අනවර්ථ නාමයද මෙතුමා හිමිකර ගත් අතර දේවස්ථාන සහ තාපසාරාමවල ජවසම්පන්න නිර්මාතෘවරයෙකු ද විය. එලෙසම   බැවේරියානු ස්වදේශික 16 වන බෙනඩික්ට් පාප්තුමාගේ නිජබිම ඇතුළත් කලාපවල කැපී පෙනෙන ලෙස සාර්ථක ධර්මදූ වරයෙක් ද විය. 


ක්‍රි ව. 660 දී පමණ නූතන ප්‍රංශයේ එනම් පැරණි ගෝල් ප්‍රදේශයෙන් මෙතුමා උපදින්නට ඇති බව සබා ඉතිහාසඥයන් පවසනු ලබයි. රූපට්ගේ ජීවිතයේ මුල් කාල වකවානුව පිළිබද එතරම් තොරතුරක් නැත. ඔහු යාච්ඤා, උපවාස, තපස් සහ දුප්පතුන් කෙරෙහි ආදරයෙන් පූජක ජීවිතයක් වැළඳ ගත්තද, ඔහු මෙරොවින්ජියානු රාජකීය පෙළපතෙන් පැමිණි බවට යම් ප්‍රකාශයක් ද තිබේ.


මෙතුමාගේ මෙම යහපත් ජීවිත මාර්ගය වර්තමාන ජර්මනියේ වෝර්ම්ස් හි රදගුරුතුමා ලෙස ඔහුව අභිෂේක කිරීමට හේතු විය. රූපට් ප්‍රඥාවන්ත සහ භක්තිමත් රදගුරුවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුවද, අවසානයේදී ඔහුට බොහෝ දුරට මිථ්‍යාදෘෂ්ටික ජනතාවගෙන් විරෝධය එල්ල විය, ඔවුන් ඔහුට ම්ලේච්ඡ ලෙස පහර දී නගරය හැර යාමට ඔහුට බල කරන ලදි.


මෙම වේදනාකාරී ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රූපට් රෝමයට වන්දනා ගමනක් ගියේය. වෝර්ස් වෙතින් ඔහු නෙරපා හැරීමෙන් වසර දෙකකට පසු, ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණේ බැවේරියාවේ තියඩෝ ආදිපාදවරයාගේ පණිවිඩයක් මගිනි. ඔහු ශුද්ධ මිනිසෙකු සහ ඇදහිල්ලේ හොඳ ගුරුවරයෙකු ලෙස ඔහුගේ කීර්තිය ගැන බැවේරියාවේ තියඩෝ ආදිපාදවරයා දැන සිටියේය.

රූපට්ගේ කාලයේ බැවේරියාව සම්පූර්ණයෙන්ම මිථ්‍යාදෘෂ්ටික හෝ දැඩි ලෙස කතෝලික නොවීණි. අතීතයේ දී මිෂනාරිවරුන් මෙම ප්‍රදේශයේ ධර්මදූත සේවයේ යෙදී සිටිය ද , දේශීය ආගම ක්‍රිස්තියානි ඇදහිල්ලේ කොටස් මිශ්‍ර කිරීමට නැඹුරු විය. බොහෝ විට මිථ්‍යාදෘෂ්ටික දැක්ම ඔස්සේ වරදවා වටහාගෙන තිබුණු අතර  ස්වදේශික මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් සමග කතෝලික දහම භාවිත විය.

බැවේරියානු ආදිපාදවරයා ඔහුගේ දේශයේ ඇදහිල්ල යථා තත්ත්වයට පත් කිරීමට, නිවැරදි කිරීමට සහ පැතිරවීමට රූපට්ගේ උපකාරය පැතීය. බැවේරියාවෙ හි කොන්දේසි පිළිබඳව ඔහුට නැවත වාර්තා කිරීමට පණිවිඩකරුවන් යැවීමෙන් පසුව, රූපට් ඉල්ලීම්වලට එකඟ විය. වෝර්ම්ස් වෙතින් කුරිරු ලෙස පිටුවහල් කරන ලද බිෂොප්වරයා බැවේරියානු නගරයක් වන රෙජන්ස්බර්ග්හිදී ගෞරවයෙන් පිළිගනු ලැබීය.

ඔහු සමඟ ආ පූජකයන් පිරිසකගේ සහාය ඇතිව, රූපට් බැවේරියාවේ සහ නූතන ඔස්ට්‍රියාවේ සමහර ප්‍රදේශවල පුළුල් මෙහෙයුමක් කළේය. ඔහුගේ ධර්මදූත චාරිකා බොහෝ දෙනා සත්‍යාගම වැළද ගැනීමට හේතු වූ අතර රෝග සුව කිරීම ඇතුළු ප්‍රාතිහාර්යයන් රාශියක් ද සිදු විය.

සල්ස්බර්ග්හි, රූපට් සහ ඔහුගේ සගයන් විසින් විශාල පල්ලියක් ගොඩනඟා එය පේදුරුතුමාට කැප කරන ලදි. ශාන්ත බෙනඩික්ට් තුමගේ පැවිදි නිකාය විසින් පරිපාලනය කරන තාපසාරාමයක් ද ඉදි කරන ලදි. 

රූපට් සල්ස්බර්ග් හි බිෂොප්වරයා ලෙසත් ඔහු එහි පිහිටුවන ලද බෙනදිකානු ආරාමයේ පූජකවරයා ලෙසත් සේවය කළේය. මෙම සාම්ප්‍රදායික භූමිකාවන් දෙක යුගල කිරීම, පැවිදි බව වර්ධනය වීමෙන් පසුව අයර්ලන්ත සභාවේ ද දක්නට ලැබුණි. 


ශාන්ත රූපට් 718 වසරේ මාර්තු 27 පාස්කු ඉරිදා දින දිව්‍ය පූජා වේ දේශනය පැවැත්වීමෙන් පසු මිය ගියේය.


Post a Comment

0 Comments