නූපන් දරුවාගේ ජාත්‍යන්තර දිනය 2022
නූපන් දරුවාගේ ජාත්‍යන්තර දිනය සෑම වසරකම මාර්තු 25 වන දිනට යෙදී ඇත. එය දෙව් මවුන්ට මංගලම් කීමේ මංගල්‍යය (සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය ) සමඟ සමගාමීව සමරනු ලබයි. ''උපත ලැබීමේ අයිතිය'' සැමරීම සඳහා 1993 දී එල් සැල්වදෝරයේ එය ප්‍රථම වතාවට සමරා ඇත. මෙම විශේෂ දිනයේ දී ගබ්සාවේ බිහිසුණු ප්‍රතිඵලයක් ලෙස මිය ගිය නූපන් දරුවන්ට ගෞරව කරනු ලබයි.
නූපන් දරුවාගේ ජාත්‍යන්තර දිනය යනු ගබ්සාවට විරුද්ධ දිනයක් ලෙස මාර්තු 25 වන දින සැමරෙන නූපන් කලලයන් සැමරීමකි. එය දෙව් මවුන්ට මංගලම් කීමේ මංගල්‍යයට (සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය ) සමගාමීව දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් විසින් ස්ථාපිත කරන ලද්දකි. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් මෙම දිනය සැලකුවේ "සෑම තත්වයක් තුළම මානව ගරුත්වයට ගරු කිරීම සහතික කිරීම සඳහා ජීවිතයට සහ ජීවිතය සඳහා සංස්කෘතියක් පැතිරවීමට පක්ෂව ධනාත්මක විකල්පයක්" ලෙසය.
දෙව් මවුන්ට මංගලම් කීමේ මංගල්‍යයට (සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය ) අනුව, දෙවියන් වහන්සේගේ වාක්‍යයාණෝ මරියාවන්ගේ කුසෙහි නූපන් දරුවෙකු බවට පිළිසිඳගත් දිනය මෙයයි. නූපන් දරුවාගේ දිනය දෙව් මවුන්ට මංගලම් කීමේ මංගල්‍යය දිනයේම පවත්වන නමුත් එය කතෝලික හෝ ක්‍රිස්තියානි සැමරීමක් පමණක් නොවේ. නූපන් දරුවාගේ දිනය ආගමික හෝ නැතත් ඕනෑම ජීවිතයට හිතවත් සංවිධානයක් විසින් හෝ මිනිස් ජීවිතයට ගෞරව කිරීම සඳහා ප්‍රාදේශීය උත්සව සංවිධානය කිරීමෙන් සැමරිය හැකිය.
1999 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ යටතේ ආර්ජන්ටිනාවේ දී ප්‍රථම වරට අනුස්මරණය කරන ලද නූපන් දරුවාගේ ජාත්‍යන්තර දිනය, ගර්භාෂයේ සිට සොහොන් ගෙය දක්වා සෑම මිනිසෙකුගේම වටිනාකම සහ ගෞරවය පිළිබඳ උත්සවයක් ලෙස නම් කරන ලදි. එලෙසම ගබ්සාව නම් ප්රචණ්ඩත්වය හේතුවෙන් මිය ගිය අහිංසක කළලයන් සිහිපත් කරන දිනයක් ද වේ.
0 Comments