✟✯✯ ශා. පෝල් මිකී මුනිතුමා ✯ ✯ ✟



පෝල් මිකි උපත ලැබුවේ ක්‍රි ව. 1562 දි ධනවත් ජපන් පවුලකට උරුම කියමිනි. අට්සුචි සහ තකාට්සුකි නගරවල සිටි ජේසු නිකායිකයන් යටතේ ඔහු අධ්‍යාපනය ලැබුවේ ය. පසුව ඔහු ජේසු නිකායට ඇතුළු වූ අතර ප්‍රසිද්ධ හා සාර්ථක දේශකයෙකු බවට පත් වී ජපන් ජාතිකයන් බොහෝ දෙනෙකු කතෝලික ආගමට හරවා  ගත්තේය. ජපානයේ පාලකයා වූ ටොයොටෝමි හයිඩෙයෝෂි, ජේසු නිකායිකයන්ගේ (යුරෝපීයන්ගේ) බලපෑමට බියෙන් කතෝලිකයන් හට පීඩා කිරීමට පටන් ගත්තේය.

මිකීව සෙසු කතෝලික පිරිසක් සමඟ අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද අතර පසුව ඔවුන්ට කියෝතෝ සිට නාගසාකි දක්වා කිලෝමීටර් 966 ක් (සැතපුම් 600 ක්) ගමන් කිරීමට බල කෙරුණි.අද ජපානයේ විශාලතම කතෝලික ජනගහනය ඇති නාගසාකි වෙත පැමිණි මිකී, වර්ෂ 1597 පෙබරවාරි 5 වන දින කුරුසියකට බැඳ තිබියදී ඔහුගේ පපුවට හෙල්ලයකින් අනින ලදි.

ඔහු කුරුසියේ සිට සිය අවසාන දේශනය දේශනා කළ අතර, ඔහු තමා මරණයට නියම කළ අයට, තමාගේ අලුගෝසුවන්ට සමාව දුන් බව තහවුරු වේ.වර්ෂ 1597 පෙබරවාරි 05 වන දින ඔහු සමඟ දෙපසින් ජේසු නිකායේ ජොආන් සෝන් සහ සන්තියාගෝ කිසායි යන දෙදෙනාවද කුරුසියේ ඇණ ගසා මරණයට පත් කරන ලදී. මොවුන් සමග තවත් ගිහියන් සහ පූජකයන් 23දෙනෙකු දිවි පුදන ලදි.

1627 සැප්තැම්බර් 14 වන දින අති උතුම් උර්බාන් ශුද්ධෝත්තම හිමිපාණන් විසින්‌ මෙතුමාව භාග්‍යවරයට ඔසවන ලද අතර 1862 ජුනි 08 වන දින අති උතුම් iX වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ශුද්ධවන්ත භාවයට ඔසවන ලදි.


Post a Comment

0 Comments