ක්රි.ව. 3 වන සියවසේ ඉතාලියේ තෙර්නි නගරයේ වැලන්ටයින් මුනිතුමා ජීවත් වූ බව සළකනු ලැබේ. .
ක්‍රි.ව. 226 දී පමණ උපත ලබා ඇති වැලන්ටයින් මුනිතුමා පසුව ජේසුස් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කරන්නට කැපවූ මුල් සභා ධර්මදූතවරයෙකු ලෙස සළකනු ලබයි.
මෙතුමා දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ පාලන සමයේ දී තෙර්නි නගරයේ රදගුරු හිමිපාණන් ලෙස කටයුතු කර ඇත.
සම්ප්‍රදායික කතා පුවත්වලට අනුව මේ කාලයේදී රෝම අධිරාජ්‍යයයේ සොල්දාදුවන් ගේ හිගයක් තිබී ඇත. විශේෂයෙන් විවාහ වන සොල්දාදුවන් නැවතත් යුද්ධය සදහා පැමිණීමට දක්වන මැලිකම නිසාම රෝම හමුදාවේ විශාල පිරිසක් හමුදාව හැර ගොස් ඇත.
මෙයට විසදුමක් ලෙස ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් ඒ කාලයේදී විවාහය තහනම් කරන ලදී. එම නිසාම ආදරයෙන් වෙලී සිටි බොහෝ පිරිසකට තමන්ගේ පෙම්වතිය, පෙම්වතා අහිමි වන තත්වයක් උද්ගත වීය.
මේ ආදරය කරන්නන්ගේ දුෂ්කර තත්ත්වය තේරුම් ගත් වැලන්ටයින් රදගුරුතුමා, එම යුවල් රහසේම තම දේවස්ථානය වෙත කැදවා ඔවුන් වෙත ආශිර්වාදකාර බන්ධනය දේව ප්‍රසාද නිධානය දානය කර ඔවුන්ව විවාහ කරන ලදි.
මේ කාලය කිතුනුවන්ට එරෙහිව අධිරාජ්‍යය පූරා පීඩා ක්‍රියාත්මක වූ කාල වකවානුවක් විය. කිතුනුවන්ට උදවු උපකාර කරන රදගුරුවරයෙකු තෙර්නි නගරයේ වාසය කරන බව දැන ගත් පුදේශයේ ආණ්ඩුකාරවරයා වැලන්ටයින් මුනිතුමාව අල්ලා සිර කොට ඇත. ඔහුගේ දියණිය අන්ධ තැනැත්තියි. දිනක් මෙම වැලන්ටයින් රදගුරුතුමා සිටි සිරගෙයට ආණ්ඩුකාරවරයා තම දියණියද කැටුව ආ දිනයක මේ දැරියව වැලන්ටයින් රදගුරුතුමා දැක ඇත. එවිට එතුමා ආණ්ඩුකාරවරයා අමතා මා ඔබගේ දියණිය සුව කරනවාට ඔබ කැමතිදැයි විමසා ඇත. එවිට ඔහු විසින් වැලන්ටයින් රදගුරුතුමාට පවසා ඇත්තේ, ඔබට එසේ කල හැකි නම් ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ඔහුට ලබා දිය හැකි බවයි. එවිට වැලන්ටයින් පූජකතුමා "අසරණ ක්රිස්තියාණී මිනිසුන්ට පීඩා කිරීම නවතා දමීමට හැකිද" යන්න විමසා ඇත. එවිට වැලන්ටයින් රදගුරුතුමා තම දියණියට පෙනීම ලබා දුනහොත් තම ප්රදේශය තුල ක්රිස්තියානින්ට හිරිහැර කිරීම වලක්වන්නට ක්රියාකරන බව පොරොන්දු වී ඇත.
ඉන්පසු වැලන්ටයින් මුනිතුමා විසින් ඇයගේ දෑස් මත අත් තබා, දෙවියන්වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේ පැවසූ ධර්මය සත්යක්නම් මැය සුවකරන ලෙස දෙවියන්ට යාච්ඤා කර ඇත. ඒ ක්ෂණයකින් ඇයගේ දෑස් විවර වී ඇයට පෙනීම ලැබී ඇත. ඉන්පසු ආණ්ඩුකාරවරයා විසින් වැලන්ටයින් රදගුරුතුමාව සහ අනිකුත් සිරකරන ලද ක්රිස්තියානීව නිදහස් කර ඔවුන්ගේ ධර්මය ඇදහීමට අවශ්ය කටයුතු සපයා දී දින කිහිපයකින් ඔහුද ක්රිස්තියානි ධර්මය වැලද ගෙන ඇත.
එසේ නිදහස්ව පැමිණි වැලන්ටයින් රදගුරුතුමා සුපුරුදු ලෙස ආදරවන්තයින්ට විවාහ වීමට අවශ්ය කටයුතු සිදුකිරීම නැවතත් රහසේම ආරම්භ කර ඇත. ඔහු නිතරම "යුද්ධය වනාහී විනාශයයි. ආදරය වනාහී ලොව ජය ගත හැකි පරම සත්යයි" යන්න මත පිහිටා කටයුතු කර ඇත.
එම නිසාම එතුමා සොයා ඈත පලාත් වලින්ද ආදරවන්තයින් ආදරවන්තයින් පැමිණ විවාහ දිවියට ඇතුලත්ව ඇත. කාලය මෙසේ ගත වන විට මෙය රෝමයේ පාලනය කරන ලද ක්ලෝඩියස් අධිරාජ්යයාට ආරංචි වී මෙතුමාව අල්ලා රෝමයට රැගෙන යන ලදී. මෙතුමාට මුගුරු වලින් හා ගල් වලින් පහර දී මරණයට පත් කරන්නට උත්සහ කර ඇතත් ඒවායින් එතුමාව මරණයට පත් කරන්නට නොහැකි වී ඇත.
පසුව ක්ලෝඩියස් අධිරාජ්යාගේ නියමය අනුව ක්රි.ව. 273 පෙබරවාරි 14 වන දින රෝමයේ මහජන චතුරස්ශ්රය හෙවත් ෆැමිනියන් ද්වාරයෙ ගසා මෙතුමාව මරා දමා ඇත.
පසුව මෙතුමාගේ අනුගාමිකයන් විසින් මෙතුමාගේ ශරීරය රහසින් ගෙන ගොස් තෙර්නි නගරයේ භූමිදානය කර ඇත. 273 මරුමුව පත්වී භූමිදානය කරන ලද මෙතුමාගේ ශරීරයේ සමහර කොටස් අදටත් මෙතුමාගේ නොදිරා පවතී. ඒවා ඉතාලියේ තෙර්නි නගරයේ මෙතුමා නමින් ඉදිකර ඇති බැසිලිකාව හෙවත්, ශාන්ත වැලන්ටයින් බැසිලිකාවේ තැම්පත් කර ඇත. ඒවායින් මෙතුමාගේ හිස් කබල විශේශයක් ගනී. කිසිදු රසායනිකයක් ගල්වන්නේ නැතිව, කිසිදු බෙහෙත් ද්රව්යයක් ගල්වන්නේ නැතිව අදටත් ඒවා සුරක්ෂිතව ඇත. ජේසුස් වහන්සේගේ නාමයෙන් දිවි පිදූ මුල්ම ප්රාණපරිත්යාගීවරුන් අතරට මෙතුමාවත් සලකනු ලබයි.
පසු කලෙක ආදරවන්තයින් වෙනුවෙන් තම ජීවිතය කැප කල නිසාවෙන්ම, විවාහ වීමට නොහැකිව ප්රශ්න නිසා අසරණව සිටි යුවල් වලට විවාහ වීමට අවශ්ය මාර්ගය සලසා දුන් නිසාම, එසේ උදව් උපකාර ලැබූ ඔවුන් විසින් මෙතුමා මියගිය පෙබරවාරි 14 වන දින විශේෂාකාරයෙන් මෙතුමාව සිහි කරන්නට පෙලඹී ඇත. එයට සමගාමීව නොයෙකුත් ප්රශ්න නිසා විවාහ වීමට නොහැකිව සිටින අයවලුන් විසින් මෙතුමාගේ පිහිට ඉල්ලා යදින්නටත්, විවාහයන් සාර්ථක කරගන්නට ඔවුන් වෙනුවෙන් දෙවියන් ඉදිරියේ මැදිහත් වන ලෙසත් ඉල්ලා මෙතුමාට යාච්ඤ්යා කර ඇත. ඒ අයටද මෙතුමාගේ පිහිට ලැබී ඔවුන්ගේ ප්රශ්න නිරාකරනය කරගෙන විවාහ වීමට මග පෑදී ඇත. එම නිසාම පසු කලෙක මෙතුමාව ආදරවන්තයින්ගේ ශුද්ධවන්තයා ලෙසත්, පීඩාවිදින ක්රිස්තියානින්ගේ ශුද්ධවන්තයා ලෙසත් නම් කරන ලද අතර, එතුමාව ඝාතනය කරන ලද පෙබරවාරි 14 වන දින එතුමන්ගේ මංගල්ය සමරන දිනය වශයෙනුත් නම් කර ඇත.

0 Comments