අගබස් (ග්‍රීක: Ἄγαβος) යනු දිවැසිවරයෙකු ලෙස අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් වන ක්‍රිස්තියානි ධර්මයේ මුල් අනුගාමිකයෙකි. ලූක් 10:1-24 හි විස්තර කර ඇති ගෝලයන් හැත්තෑ දෙනාගෙන් කෙනෙකු ලෙස ද ඔහු සම්ප්‍රදායිකව සිහිපත් කරනු ලැබේ
පිටස්තර සම්ප්‍රදායට අනුව, අගබස් ජෙරුසලමේ පදිංචිකරුවෙකු බව පෙනේ. ඔහු ශුභාරංචිය දේශනා කිරීමට ජේසුස් වහන්සේ යැවූ, ලූක් ශුභාරංචියේ සඳහන් ගෝලයන් හැත්තෑ දෙනාගෙන් කෙනෙකු බව කියනු ලැබේ. පෙන්තකොස්ත දිනයේදී අගබස් ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ උඩුමහලේ සිටි බව කියනු ලැබේ.
ක්‍රියා 11:27-28 ට අනුව, ඔහු ජෙරුසලමේ සිට අන්තියෝකිය දක්වා ගමන් කළ දිවැසිවරුන්ගෙන් කෙනෙකි. ක්‍රියා පොතේ කතුවරයා වාර්තා කරන්නේ අගබස් හට අනාවැකි කීමේ දීමනාව ලැබී තිබෙන අතර ඔහු ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ පාලන සමයේදී ඇති වූ දරුණු සාගතයක් ගැන අනාවැකි පළ කළ බවයි.
තවද, ක්‍රියා 21:10-12 ට අනුව, අගබස් නම් 'දිවැසිවරයෙකු' (ග්‍රීක: τις) ක්‍රි.ව. 58 දී සිසේරියා මාරිටිමා හිදී පාවුලුතුමා හමුවිය. එසේ හමු වුුණු අගබස්, පාවුලුතුමා ව අල්ලා ගැනීම පිළිබඳව පාවුලුතුමාට අනතුරු ඇඟවීය. ශුද්ධාත්මයාණන්ගේ පණිවිඩය ප්‍රකාශ කරමින් ඔහු ජෙරුසලමට යන ගමන දිගටම ගියහොත් කුමක් සිදුවේද යන්න නිරූපණය කිරීමට ඔහු පාවුල්ගේ ඉග පටියෙන් තමාගේම දෑත් සහ පාද බැඳ ගත්තේය.
'' බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය.ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.''
කෙසේවෙතත්, පාවුලුතුමා මෙම වදන අසා පසු බට නොවුණු අතර තම දූත කාර්යයයේ දිගින් දිගටම නිරත විය.
අගබස්ගේ සංකේතාත්මක ක්‍රියාව ජෙරමියා දිවැසිවරයා සමඟ සංසන්දනය කර ඇත:
සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක. 2මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි. හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ
සම්ප්‍රදායට අනුව අගබස් බොහෝ රටවලට ගොස් බොහෝ ඉගැන්වීම් කරමින් ජනතාව සත්‍ය ආගමට හරවා ගැනීමට කටයුතු කළේය. මෙය ජෙරුසලමේ ජුදෙව්වන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙලඹවූ ක්‍රියාවක් වූ අතර, ඔවුන් ඔහුට දරුණු ලෙස පහර දී, ඔහුගේ බෙල්ලට කඹයක් දමා වධ හිංසා කරන ලදි. පසුව ඔහුව නගරයෙන් පිටතට ඇදගෙන ගොස් ගල් ගසා මරා දමන ලදී. ජේසු නිකායික දේවධර්මාචාර්ය ඇන්තනි මාස් පවසන්නේ ඔහු අන්තියෝකියේදී දිවි පිදූ බවයි.

0 Comments