මෙතුමාට ජීවිතයේ වැඩි කාලයක් පුරාවට එවකට පැවති සිවිල් යුද්ධ අත්දකින්නට සිදු විය. පසු ව ටොලේඩෝ පදවියේ රදගුරු ධූරයට පත්වූ ඔහුගේ මාමා වූ ඉයුජීනියස් භක්තිමත් තරුණයකු ඔහුට හොඳ අධ්‍යාපනය ලබා දීමට පටන් ගත්තේය.වර්ෂ 632 දී පමණ ඉල්දෙෆොන්සස් සිය පැවිදි ජීවිතය ආරම්භ කිරීමට පටන් ගනු ලැබූවේ එවකට ටොලේඩෝ හි රදගුරු එලදියුස් ඔහුව තේවාචාර්‍යවරයෙකු ලෙස පත් කළ අවස්ථාවේදීය.
ඔහු සරල තාපසයකු ලෙස ජීවත් වූ අතර පැවිදිවරියන් සඳහා තාපසාරාමයක් ද ආරම්භ කළේය. වර්ෂ 650 දී ඉල්දෙෆොන්සස් අගාලි තාපසාරාමයේ ශ්‍රේෂ්ඨාධිපති ලෙස තේරී පත් විය. වර්ෂ 657 දී ඔහුගේ මාමා වූ දෙවන ඉයුජීනියස් රදගුරුතුමන්ගේ මරණයත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉල්දෙෆොන්සස් තේරී පත් විය.
දේව මාතාවන් කෙරෙහි මහත් වූ භක්තියක් තිබූ ඔහු හට වරෙක එතුමිය දර්ශනය වූ බව ද කියැවෙයි. වර්ෂ 667 ජනවාරි 23 වන දින මෙතුමන් සග ලොව දිනා ගත්තේය.

0 Comments