✟✯✯ ශා. සුල්ෆිසියුස් මුනිතුමා ✯ ✯ ✟



මෙතුමන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ අවසානය ට පෙර ප්‍රංශයේ වැතොන් නම් නගරයේ වංශවත් සහ ධනවත් පවුලකය. යොවුන් වියේ සිටම ඔහු තම ජීවිතය දයාවේ ක්‍රියාවන් වෙනුවෙන් සහ ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම සඳහා කැප කළ අතර තමන් සතු ඕනෑම දෙයක් සභාවට සහ දුප්පතුන්ට පරිත්‍යාගය කිරීමට කිරීමට නොපසුබට විය.

බෝෂ් හී රදගුරුතුමන් විසින් එතුමන්ව පැවිදි දිවියට ඇතුළත් කර ගන්නා ලද අතර පසුව තේවාචාර්ය වරයෙකු ලෙසද අවසානයේදී ඔහුගේ රදගුරු පාසලේ අධ්‍යක්ෂකවරයා ලෙස ද පත් කරගන්නා ලදී. එවකට ප්‍රංශයේ රජ ව සිටි දෙවන ක්ලොතෙයෝ ඔහුගේ ජීවිතේ තිබූ ගුණාංගයන් ගැන අසා ඔහුව කැඳවා තම හමුදාවෙහි උපාධ්‍ය පියතුමා ලෙස පත් කර ගත්තේය. බෝෂ් හී රදගුරුතුමන් ගේ මරණයෙන් පසුව සුල්පීසියුස් තුමන් එම ධූරයට පත්වන අතර එතැන් සිට ඔහු විසින් මහත් ජ්වලිතභාවයකින් යුතුව සභාවේ දිනය ස්ථාපිත කරමින් දුප්පතුන්ට සහනය සලසා දීමට කටයුතු කළේය. දෙවන ක්ලොතෙයෝ රජු ගෙන් පසුව පත්වූ පළමු වන ඩැගොබර්ට් රජු විසින් පනවන ලද අධික බදු නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටි මෙතුමන් තම ජීවිතයේ අවසාන කාලය බෝෂ් හී පිහිටි තාපසාරාමයක ගත කළේය. ක්‍රිස්තු වර්ෂ 646 ජනවාරි 17 වන දින මෙතුමා ස්වර්ගස්ථ විය.

ඔහු විසින් ඉදිකරන ලද බැසිලිකාවේ තිබූ ඔහුගේ සොහොන්ගැබේ හාස්කම් පිළිබඳ වාර්තා ඔහුගේ මරණයෙන් පසු සිදු වූ අතර එම ස්ථානය ඉක්මනින් වන්දනා ස්ථානයක් බවට පත්විය.

එම ස්ථානය, දෙවියන්ගේ අමතක නොවන මිනිසා තැන්පත් කර ඇති බැසිලිකාව, ලෙස ප්‍රසිද්ධ විය. නැව් නවතන වරායට එයපෙනෙන නිසා, Navis ලෙස හැඳින්වේ. එය තණබිම් සහ වනාන්තර සහ මිදි වතු විශාල ජල ධාරාවක් සහිත ගංගා දෙකක් අතර පිහිටි ඉතා සුන්දර ස්ථානයකි, විශාල තැනිතලා අතර කෙත්වතු සහ ගංගා ගලා යන අතර එහි වැසියන්ට පාරාදීසයේ ප්‍රතිරූපය මෙම බැසිලිකාව අභියස දැකගත හැකිය.

Post a Comment

0 Comments