✟✯✯ ශු. තෝර්ෆින් මුනිතුමා ✯ ✯ ✟



ශාන්ත තෝර්ෆින් නෝර්වීජියානු පැවිදි පූජකයෙක් සහ රදගුරුතුමෙක් වේ. සභාවේ කටයුතුවලට රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන් එරික් රජු සමඟ වාදයක දී නෝර්වේ අගරදගුරු තුමාගේ පාර්ශවය ගැනීම ඔහුට ලැබුණු එකම ප්‍රසිද්ධිය "කීර්තිය" විය. ඔහුගේ විරෝධය නිසා තෝර්ෆින් පිටුවහල් කරන ලදී.

ඉන්පසු ඔහු රෝගාතුර වූ අතර ෆ්ලැන්ඩර්ස් හි සිස්ටර්සියන් දේවස්ථානයක නවාතැන් ගත්තේය. ඔහු ඉක්මනින්ම තම ස්වර්ගීය නිවසට ස්වාමින් වහන්සේ කැඳවනු ලබන බව දැන, ඔහු තමා සතුව ඇති කුඩා දේපල ප්‍රමාණය තම  මව, සහෝදර සහෝදරියන්, තාපසාරාම, දේවස්ථාන සහ පුණ්‍යායතන අතර බෙදා දීමට කෙටුම්පත් සකස් කළේය.

ඔහුගේ මරණයෙන් පසු, තෝර්ෆින් හඳුනා ගත් පැවිදි පූජකතුමෙක් ඔහුගේ කරුණාව, ඉවසීම, ත්‍යාගශීලී බව සහ නපුරට ඇති අකමැත්ත පිළිබිඹු කරමින් ඔහු ගැන කවියක් ලිවීය. පාච්මන්ට් කඩදාසියක් මත කවිය ලිවීමෙන් පසු පැවිදි පූජකතුා  එය තෝර්ෆින්ගේ සොහොන මත එල්ලා තැබීය. තෝර්ෆින් ඔහුගේ ජීවිත කාලය තුළ වැඩි අවධානයක් හෝ මතභේදයට ලක් නොවූ නිසා, ඔහුගේ සොහොන්ගැබ වසර 50 කට පසුව සොයාගෙන නැවත විවෘත කරන තෙක් ඔහුව අමතක වී තිබුණි. ඔහුගේ දේහයෙන් මිහිරි සුවඳ විලවුන් වැනි සුවඳක් නිකුත් කළ අතර පාච්මන්ට් කවිය ද ඔහුගේ සොහොනට ඉහළින් සම්පූර්ණයෙන්ම නොනැසී තිබුණි. මෙම ප්‍රාතිහාර්ය දෙක සහ තවත් බොහෝ දේ ශාන්ත තෝර්ෆින්ට ආරෝපණය කර ඇති අතර, මෙතුමා සිස්ටර්සියන්වරුන් සහ නෝර්වීජියානුවන් අතර ඉතා ප්‍රසිද්ධ වූ සාන්තුවරයෙක් වේ.

Post a Comment

0 Comments