
සෙබස්තියන් (ලතින්: Sebastianus; c. AD 256 – 288) යනු සභාවේ මුල් ක්‍රිස්තියානි සාන්තුවරයෙකු සහ ප්‍රාණ පරිත්යාගිවරයෙක් වේ. සාම්ප්‍රදායික විශ්වාසයට අනුව, ක්‍රිස්තියානීන්ට එරෙහි දියොක්ලේසියානු අධිරාජ්‍ය පීඩන සමයේ දී මෙතුමාව මරා දමන ලදී. පළමුව ඔහුව කණුවක හෝ ගසක බැඳ ඊතලවලින් විද මරා දැමීමට උත්සහ කළ මෙතුමා මිය ගොස් නැත. රෝමයේ ශාන්ත අයිරින් විසින් මෙතුමාව බේරාගෙන තුවාලයන් සුවපත් කරන ලදී.
මෙතුමා පිළිබඳ ඇති සියලුම අනුවාද වලට අනුව, මෙතුමා සුවය ලැබීමෙන් ටික කලකට පසු නැවත දියොක්ලෙසියනු වෙත ගොස් ඔහුගේ පව් ගැන ඔහුට අනතුරු අඟවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙතුමාට පොලුවලින් පහර දී ඝාතනය කරන ලදී. මෙතුමාව සාන්තුවරයෙක් ලෙස රෝමානු කතෝලික සභාව සහ ඕතඩොක්ස් සභාව විසින් ගෞරවයට පාත්‍ර කර ඇත.
සෙබස්තියන් මුනිතුමාගේ ප්‍රාණ පරිත්‍යාගය පිළිබඳ තොරතුරු පිළිබඳ පැරණිතම වාර්තාව වන්නේ 4 වැනි සියවසේ මිලාන්හි රදගුරුතුමා වූ ඇම්බ්‍රෝස් (සාන්ත ඇම්බ්‍රෝස්) විසින් 118 වැනි ගීතිකාව පිළිබඳ කරන දේශනාවකි. සෙබස්තියන් මිලානෝ සිට පැමිණි බවත් ඒ වන විටත් ඔහු එහි ගෞරවයට පාත්‍ර වූ බවත් ඇම්බ්‍රෝස් සිය දේශනයේදී ප්‍රකාශ කළේය.
මධ්‍යතන යුගයේදී, මෙතුමා වසංගතවලින් ආරක්ෂා වීමට මැදිහත් වීමේ විශේෂ හැකියාවක් ඇති සාන්තුවරයෙකු ලෙස සලකනු ලැබූ අතර, වසංගත කාලයන් වලදී මෙතුමා කෙරෙහි තිබෙන භක්තිය බෙහෙවින් වැඩි වර්ධනය වුණු ආකාරයක් දැකිය හැකිය.
සෙබස්තියන් ගේ ජීවිතය සහ මරණය පිළිබඳ ඉතිරිව ඇති පළමු වාර්තාව වන්නේ පැසියෝ සැන්ක්ටි සෙබස්තියානි වාර්තාවයි. එය 4 වැනි සියවසේ මිලාන්හි ඇම්බ්‍රෝස් විසින් ලියා ඇතැයි බොහෝ කලක සිට සිතූ නමුත් වර්තමාන පර්යේෂණවලින් එය නොදන්නා කතුවරයකු විසින් 5 වැනි සියවසේ ලියූ වාර්තාවක් ලෙස සැලකේ. මෙයට "ප්‍රාණ පරිත්‍යාග දෙකක්" ඇතුළත් වේ. ඒ අනුව ශාන්ත අයිරින් විසින් එතුමාව සුවපත් කිරීමට සිදු කරන ලද උපස්ථාන සහ කතාවේ කොටසක් ලෙස පැවති අනෙකුත් විස්තර ඇතුළත් වේ.
සෙබස්තියන් ගේ 18 වැනි සියවසේ ඇක්ටා සැන්ක්ටෝරම් ප්‍රවේශයට අනුව,(18 වැනි සියවසේ හජියෝග්රැෆර් ජීන් බෝලන්ඩ් විසින් ඇම්බ්‍රෝස් වෙත නාමකරණය කර ඇති අතර) 14 වැනි සියවසේ ලෙජෙන්ඩා ඕරියා හි කෙටි විස්තරයට අනුව, ඔහු ගැලියා නාර්බොනෙන්සිස් හි මිනිසෙක් බව දක්වා ඇත. මිලාන් ක්‍රි.ව. 283 දී, සෙබස්තියන් රෝමයේ මාකස් අවුරේලියස් අධිරාජ්‍යයා යටතේ කිතුනුව්නට උපකාර කිරීම සඳහා හමුදාවට ඇතුළු විය. ඔහුගේ ධෛර්යය නිසාත් ඔහු කිතුනුවකු බව නොදැන සිටි දියොක්ලේසියානු සහ මැක්සිමියන් යටතේ ප්‍රේටෝරියානු ආරක්ෂක භටයන්ගේ කපිතාන්වරුන්ගෙන් කෙනෙකු බවට පත්විය.
සම්ප්‍රදායට අනුව, මාකස් සහ මාර්සිලියානස් කීර්තිමත් පවුලක නිවුන් සහෝදරයන් වූ අතර ඔවුන් උපස්ථායකයන් ද විය. සහෝදරයන් දෙදෙනාම විවාහ වූ අතර, ඔවුන් තම භාර්යාවන් සහ දරුවන් සමඟ රෝමයේ පදිංචි වූහ. සහෝදරයන් රෝම දෙවිවරුන්ට පූජා කිරීම ප්‍රතික්ෂේප කළ අතර අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්ගේ දෙමව්පියන් වන ට්රැන්කිලිනස් සහ මාර්ටියා සිරගෙදරදී ඔවුන් බැලීමට ගිය අතර, ඔවුන් ක්‍රිස්තියානි ධර්මය අත්හැරීමට ඔවුන්ව පොලඹවා ගැනීමට උත්සාහ කළහ. සෙබස්තියන් ට්රැන්කිලිනස් සහ මාර්ටියා මෙන්ම ප්‍රාදේශීය නායක ක්රොමැටියස්ගේ පුත් ශාන්ත ටිබර්ටියස්ව ද සත්‍යාගමට ඇතුළත් කර ගැනීමට සමත් විය. තවත් නිලධාරියෙකු වන නිකොස්ත්රාස්තස් සහ ඔහුගේ බිරිඳ සෝයි ද ක්‍රිස්තු ධර්මය වැළඳ ගත්තේ සෙබස්තියන් මුනිතුමා නිසාවෙනි. සෝයි වසර හයක් ගොළු වී සිටි බව ද පැවසේ. කෙසේ වෙතත්, ඇය ක්‍රිස්තියානි ආගමට හැරවීමේ ඇගේ ආශාව සෙබස්තියන්ට දන්වා සිටියාය. කිතුනු දහම වැළඳ ගත් විගස ඇගේ කතා ශක්තිය නැවතත් ඇය වෙත පැමිණියේය. එවිට නිකොස්ත්රාතස් සෙසු සිරකරුවන් ද සෙබස්තියන් හමුවට රැගෙන ආවේය. සෙබස්තියන් විසින් මෙම පුද්ගලයන් 16 දෙනාටම ක්‍රිස්තුන් වහන්සේ හඳුන්වා දෙන ලදි.
ක්රොමැටියස් සහ ඔහුගේ පුත්‍රයා වූ ටිබර්ටියස් ද සෙබස්තියන් මුනිතුමා නිසා කිතු දහම වැළඳ ගන්නා ලදි. ක්රොමැටියස් ඔහුගේ සිරකරුවන් සියලු දෙනාම සිරෙන් නිදහස් කර, තම තනතුරෙන් ඉල්ලා අස්වී, කැම්පානියාවේ රටට විශ්‍රාම ගියේය. මාකස් සහ මාර්සිලියනස්, කැස්ටුලස් නම් කිතුනුවකු විසින් සඟවා තබා සිටිය ද පසුව, නිකොස්ට්රටස්, සෝයි සහ ටිබර්ටියස් මෙන්ම පසුව දිවි පුද කරන ලදි.
සෙබස්තියන් තම ඇදහිල්ල දූරදර්ශී ලෙස සඟවාගෙන කිතුනුවන්ට උපකාර කළ ද ක්‍රි ව. 286 දී එය අනාවරණය විය. දියොක්ලෙටසියනු අධිරාජ්‍යයා ඔහුගේ පාවාදීම ගැන කෝපයට පත්ව මොරේටේනියාවෙන් තෝරාගත් දුනුවායන් ගෙන්වා සෙබස්තියන් මුනිතුමාව පිට්ටනියකට ගෙන ගොස් එහි කණුවක බැඳ ඊතල විදින ලෙස අණ කළේය. "තවද දුනුවායන් ඔහුට ඊතල විදින ලද්දේ එතුමා උකුස්සෙකු මෙන් ඊතලවලින් පිරී යන තෙක්ය. ඊතලවලින් වැසී ගිය සෙබස්තියන් මුනිතුමාට එලෙසම මරණයට පත් වීම සඳහා දුනුවායන් එහි තබා ගියේය." ආශ්චර්යමත් ලෙස, ඊතලවලට ඔහුව මරා දැමීමට හැකියාව ලැබුණේ නැත. කැස්ටුලස්ගේ වැන්දඹුව වූ රෝමයේ අයිරින්තුමිය සෙබස්තියන්ව භූමදාන කිරීමට සැරසුණාය. එහෙත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව සොයා ගත් ඇය ඔහුව නැවත ඇගේ නිවසට ගෙනැවිත් ඔහුව යථා තත්ත්වයට සුව පත් කළාය.
සෙබස්තියන් සුව වූ පසුව අධිරාජ්‍යයා පසුකර යාමට නියමිත පඩිපෙළ අසල සිටගෙන ක්‍රිස්තියානීන්ට එරෙහිව ඔහු කළ කුරිරුකම් සම්බන්ධයෙන් දියොක්ලෙසියානුට අවවාද කළේය. ඔහු මිය ගොස් ඇතැයි සිතූ පුද්ගලයෙකු නිසා අධිරාජ්‍යයා බෙහෙවින් සෙබස්තියන් දැක විස්මයට පත් විය. නමුත් ඔහුගේ විස්මයෙන් මිදී, ඔහු සෙබස්තියන්ව අල්ලාගෙන, ඔහුට පහර දී මරා දමා, ඔහුගේ සිරුර පොදු කාණුවට දමන ලෙස නියෝග කළේය. දර්ශනයකින් ප්‍රාණ පරිත්‍යාගිකයා විසින් අවවාද කරන ලද ලුසීනා නම් භක්තිවන්ත කාන්තාවක්, පෞද්ගලිකව මෘත දේහය එයින් ඉවත් කර, දැන් ශාන්ත සෙබස්තියන් බැසිලිකාව පිහිටා ඇති කැලික්ස්ටස්ගේ සුසාන භූමියේ දොරටුවේ පිහිටි කැටකොම්බස් හි තැන්පත් කරන ලදී.
මිලාන් ජනපදයේ නර්බෝන් නුවර එතුමා ජන්ම ලාභය ලැබිය. ඉතා ප්‍රසිද්ධ වංශවත් දෙමව්පියන්ගෙන් උපත ලද එතුමා කඩවසම් තරුණයෙකි.
ධර්මිෂ්ඨකමින් අගතැන්පත් වූ එතුමා රෝමානු සේනාංකයට බැදුනේ එක අදහසක් පෙරදැරි කරගෙනය. එනම් ඔවු එසේ බැදුණු විට ප්‍රාණ පරිත්‍යාගී වන කිතුනුවන්ට එතුමා උදව් කරන බව කිසිවෙකුට හැගී නොයන පිණිසය. එතුමා රහසින් බොහෝ දෙනෙකු සත්‍ය විශ්වාසයට හරවා ගත්තේය. අවසානයේ දී දියෝක්ලේසියානු අධිරාජ්‍යාට සෙබස්තියන් සෙබළා කිතුනුවෙකු බව ආරංචි වී එතුමාට ඊතල වලින් විද මරා දැමීමට අණකර ” මොරිටානියන් ” නම් දුනු හේවයාට භාර කළේය. එතුමාට භූමදාන කිරීමට පැමිණි සැදැහැවත්හු එතුමා තවම ජිවත්වන බව දැන එතුමාව උපස්ථාන කර සුවපත් කලෝය. සුවපත්වූ එතුමා සැගවී පළා ගියේ නැත. දිනක් අධිරාජ්‍යයා ගමන් කරන මාර්ගයේ සෙබස්තියන් තුමා රැදී සිට තමා පසුකර යන අධිරාජ්‍යාට කථා කොට ඔහු ක්‍රිස්තියානි බැතිමතුන්ට කරන වද හිංසා ගැන තදින්ම චෝදනා කළේය. මෙවර අධිරාජ්‍යයා කෝපවී මේ මා ඉදිරියේ සිටිනුයේ හී විද මා විසින් මරනයට පත්කරන්නට කී සෙබස්තියන් නොවේදැයි? ‘‘දියෝක්ලේසියන් අධිරාජ්‍යයා තම හමුදා අධිපතීන්ගෙන් ඇසීය. ’’ ‘‘ස්වාමින් වහන්සේ මා ජිවත් කළ සේකැයි’’ ඔහු පිළිතුරු දුන්හ. මොහු මරණයට පත් කිරීමට තීන්දු කළේය. වධකයෝ එතුමාට පොලුවලින් ගසා මරණයට පත් කලෝය. මළ සිරුර කෙලාආකා මක්ෂීමා (Cloaca Maxima) නැමති රෝමයේ ප්‍රධාන දිය කඩට ඇද දැමිය.
එම රාත්‍රියේ ලූසියානා නැමති ක්‍රිස්තියානී කාන්තාවකට දර්ශණය වූ එතුමා "සර්කස් භූමිය" (Circus) අසල අගලේ මාගේ සිරුර සොයාගත හැකිබව පවසා ඇත. ලූසියානා සහ පිරිස රහසින් ගොස් මළ සිරුර ගෙන සෝදා රෙදිවලින් ඔතා රෝම පවුරෙන් එහා අප්පියන් මාර්ගයේ ඇපියන් විදියේ එතුමාගේ නමින් ඉදිකර ඇති බැසිලිකාව අසල එතුමා භූමදාන කරන ලදී.
එය අදත් සා. සෙබස්තියන් කැටකුම්බි එක ලෙස හැඳින්වේ. මධ්‍යතන යුගයේ දුනු හේවායන් මෙතුමා තම ආරක්ෂක මුනිවරයා ලෙස තෝරා ගැනුණි. ශ්‍රි ලංකාව තුළ නම් මෙතුමා විවිධ රෝග සුවකරන බලවත් සාන්තුවරයා ලෙස සැලකේ. මෙතුමා නමින් කැපකල දෙව්මැදුරු ගණනාවක් ලංකාවේ ඇත.
එතුමා වසංගත රෝග වලටද, බෝවන රෝග වලටද, තුවාල වලටද සහනය දෙන සාන්තුවරයා වශයෙන් ගෞරව කරනු ලැබේ. තවද විශ්වාසය මදවුවන්ට එතුමාගේ ආදර්ශය දිරිගන්විමකි. එතුමාගේ මංගල්‍යය ජනවාරි 20 දින පවත්වනු ලැබේ.
0 Comments