සිරේනියේ ලුසියස් යනු, අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා අනුව, එවකට අන්තියෝක සභාවේ නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකි.
''අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.''
— ක්‍රියා 13:1
ක්‍රියා 13 හි වාර්තාව පවසන්නේ දිවැසිවරුන් සහ ගුරුවරුන් කණ්ඩායම යාච්ඤා කර නිරාහාරව සිටි බවත්, තවදුරටත් දුර බැහැර ධර්මදූත ගමන් සදහා බාර්ණබස් සහ සාවුල්ට පැවරීම දේවානුභාවයෙන් සිදු වූ බවත්ය.
ලුසියස් අන්තියෝක සභාවේ නිර්මාතෘවරයෙකු ලෙස පෙර ඡේදයකින් අනුමාන කිරීම මගින් පෙන්නුම් කෙරේ:
''ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ. 20එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.''
— ක්‍රියා 11:19,20
සිරේනියේ ලුසියස් තුමා සිරේනියේ පළමු රදගුරුවරයා ලෙස සළකනු ලබයි.
'' මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති.'' රෝම 16:21
රෝම 16:21 හි සඳහන් ලුසියස් ගැන සදහන් ව ඇත. මොවුන් දෙදෙනා එකම පුද්ගලයා දැයි නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් නැත.
මෙතුමාගේ මංගල්‍යය මැයි 6දින සමරනු ලබයි.
0 Comments