උත්ථාන සමයේ සයවන සතිය
සඳුදා
පළමුවන කියවීම ක්‍රියා 16:11-15අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොතෙන් ගත් පාඨයෙකි.
11එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර, 12එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු. 13සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු. 14ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක. 15ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.
පිළිතුරු ගීය ගීතාවලිය 149: 1-6, 9
පිළිතුර සමිදාණෝ සිය සෙනග කෙරෙහි ප්‍රසන්න වන සේක.
සුවිශේෂය ජොහන් 15: 26-16 : 4
දේව වාක්‍යය එසේය.
පිළිතුරු ගීය ගීතාවලිය 149: 1-6, 9
පිළිතුර සමිදාණෝ සිය සෙනග කෙරෙහි ප්‍රසන්න වන සේක.
1සමිඳාණන් වහන්සේ පසසන්න.
සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමාණන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
3එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමාණෝ නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
9ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය;
මේ ගෞරවය එතුමාණන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
සාධුකාරය
ආලේලූයා ආලේලූයා
මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විදින්නටත්, තුන්වනදා මළවුන්ගෙන් නැගිටින්නටත්,
ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණෙන්ටත් යුතුව තිබුණා යයි ශුඳ්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේය.”
ආලේලූයා
ආලේලූයා ආලේලූයා
මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විදින්නටත්, තුන්වනදා මළවුන්ගෙන් නැගිටින්නටත්,
ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණෙන්ටත් යුතුව තිබුණා යයි ශුඳ්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේය.”
ආලේලූයා
සුවිශේෂය ජොහන් 15: 26-16 : 4
26“මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. 27තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.
1“මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. 2ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. 3ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. 4තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.”
සුවිශේෂක ජොහන් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.
0 Comments