✟✟✟පාස්කු ඉරුදින✟✟✟

                                           

කිතුනු බැතිමතුන්ගේ ප්‍රධානතම හා  වැදගත්ම උත්සවය වන්නේ පාස්කු උත්සවයයි. පාස්කු උත්සවයට පෙර කිතුනුවන් මහා බ්රහස්පතින්දා හා මහා සිකුරාදා දිනයන්ම සමරනු ලබයි. පාස්කු ඉරුදින ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වීමේ ඒ තේජශ්‍රීය උත්සවය සැමරීම  සිදු කරනු ලබයි. 


පාස්කු ඉරු දිනය හෙවත් ඊස්ටර් (Easter) ලෙස ලෝක ජනගහනයෙන් 1/3ක් සමරති. පාස්කු ඉරුදින යනුවෙන් කිතුනු අප දේව වන්දනාව තුළ නමස්කාරයේ උච්චතම අවස්ථාවක් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සැමරීඹ සිදු කරයි.

“පාස්කුව” යන වචනය පැරණි ගිවිසුමේ සදහන් ජුදෙව්වන් ඊජීප්තුවේ වහල් බවින් නිදහස් වී දෙවියන් වහ්නසේ පොරොන්දු දුන් පොරොන්දු දේශය බලා නික්මුණු (පසුකර යාම -Passover)  සිදුවීම පදනම් කරගෙන ගොඩ නැගී ඇත. මෙම උත්සවය හීබෘ භාෂාවෙන් පේෂාක් (Pesach) ලෙස නම් කරන අතර  (passover) ලතින් සහ ග්රීක් භාෂාවන්හි හැඳින්වුනේ පාස්කා (Pascha) හෝ පාස්ක් (Pasch) නමින්. මෙම ලතින් වචනය පෘතුගීසි භාෂාවෙන් පාස්කොආ (Páscoa) ලෙස භාවිතාවිය. ඉන් පාස්කුව යන යෙදුම ශ්‍රී ලාංකේය අපට උරුම කර දී ඇත.

පාස්කුව ජුදෙව්වන්ගේ පළමු මස එනම් නිසාන් මසට යෙදී තිබුණේය. මේ නිසා මාර්තු 21 සිට අප්රියෙල් මස 25 අතර ඕනෑම ඉරිදාවක මෙය සැමරිය හැකිය.

පාස්කුව හැඳින්වීමට ඉංග්රීසියෙන් භාවිතාවන්නේ ඊස්ටර් (easter) යන්නයි. ඊස්ටර් වචනයෙහි මූලාශ්රය පිලිබදව මත කීපයක් ඇත. එක මතයක් වන්නේ, බොහෝ සභාවන් වතුර බෞතීස්මය පවත්වා ඇත්තේ පාස්කු සෙනසුරාදාය (ශුද්ධ සෙනසුරාදා). එම බෞතීස්මය ලත් අය පාස්කු ඉරුදින සුදු වතින් සැරසී සිටීම නිසා ලතින් භාෂාවෙන් ධවල සතිය ලෙස හදුන්වා ඇත. එහිදී hebdomada alba යන්න යන පදය භාවිතා වී ඇති අතර esostarum ලෙස ජර්මන් භාෂාවට එක්වී ඊස්ටර් ලෙස විකාශනය වූ බවයි.

පාස්කු ඉරුදින, ශුද්ධ වූ සතියේ අවසානය, චතාරිකයේ අවසානය, “Paschal Triduum” හෙවත් “පාස්කු තෙදින වන්දනා මෙහෙය” (මහා බ්‍රහස්පතින්දා, මහා සිකුරාදා, ආලේලුයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා) අවසාන දිනය සනිටුහන් කරන අතරම ජනවන්දනා වසරේ පාස්කු සමයේ ආරම්භය ද වේ. 

බයිබලයේ නව ගිවිසුමේ සඳහන් පරිදි. මෙය කිතුනුවන්ගේ වැදගත්ම උත්සවයයි. ශුද්ධ ලියවිල්ලට අනුව, පාස්කුව දෙවියන් වහන්සේ කිතුනුවන්ට නැවත නැඟිටීම හා නව ජීවන මාර්ගයක් සඳහා බලාපොරොත්තුවක් ලබා දෙයි, ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැවත නැඟිටීම මඟින් එය නිරූපණය කරනු ලබයි.

පාස්කු ඉරිදා, පාස්කු සමය ආරම්භ වන අතර එය දින පනහක් පවතින අතර එය පෙන්තකොස්ත ඉරිදායින් අවසන් වේ.

පාස්කු ඉරිදා සැමරීමට නිශ්චිත දිනයක් නොමැති අතර එය සෑම වසරකම පවත්වන දිනය වෙනස් වේ. මෙයට හේතුව මෙම දිනය නියම කර ඇත්තේ සාමාන්‍ය දින දර්ශනයට අනුව නොව චන්ද්‍ර මාස අනුව සකස් කර ඇති  ජනවන්දනා දින දර්ශනයට අනුවය. මේ අනුව, පාස්කු ඉරිදා සෑම විටම උතුරු අර්ධගෝලයේ වසන්තයේ ආරම්භයෙන් පසු පළමු පුර පසළොස්වක පොහොය පසු වී සරත් සෘතුවේ පළමු ඉරුදින වැටේ. මෙලෙස පාස්කු ඉරිදා මාර්තු 21 සිට අප්‍රේල් 25 දක්වා අතර යෙදෙන ඉරුදිනෙක පැවැත්විය හැකිය. 

පාස්කු ඉරිදා දිනය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හැදුන්වනුයේ Easter Sunday නමිනි. නමුත් ලංකාව පමණක් නොව පෘතුගීසි, ස්පාඤ්ඤය සහ ඉතාලි පාලනයට නතුවූ බොහෝ රටවල එම සෙනසුරාදාට පසුව එළබෙන ඉරිදා හැදින්වුයේ පාස්කු (Pasku) ඉරිදා යනුවෙනි. එය හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක භාෂාවලින් විකාශනය වුවකි. ග්‍රීක asα (pasjua), හෙබ්‍රෙව් ach (pesach) අනුවර්තනයකි, එහි අර්ථය “එතෙර වීම” යන්නයි.


Post a Comment

0 Comments