꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 17 ✟✟༒☆꧂



 උත්ථාන සමයේ දෙවන සතිය 

සඳුදා 

පළමුවන කියවීම 

අපෝස්තුඵවරුන්ගේ ක්‍රියා පොතෙන් ගත් පාඨයෙකි. ක්‍රියා 4 , 23-31 

23පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ. 24 මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: “මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය. 25 ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්,
‘විජාතීන් කෝප වූයේ කුමට ද?
ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?
26සමිඳාණන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධ ව, පොළොවේ රජවරු සැරසී සිටියාහ, අධිපතියෝ ද එක්රැස් වූ හ’යි
ඔබ වහන්සේ වදාළ සේක. 27 සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. 28එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. 29දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. 30සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” 31මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.

  දේව වාක්‍යය එසේය. 

පිළිතුරු ගීය  ගීතාවලිය 2, 1 - 9 

පිළිතුර සමි’ඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය. 

ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන්ද/ ජනකායන් නිස්සාර ක`මන්ත?ණ 

කරනුයේ මන්ද/ සමි’දාණන්ට ද එත`මන්ගෙන් අබිසෙස් ලත් නිරි’දාණන්ට ද 

මහීපාලයෝ විරෝධීව නැ’ගිට සිටින්නෝය. අධිපතිවරු එක් රැස් වී උපා 

යොදන්නෝය. 

අප හිර කර ඇති විලංග` බි’ද දමමින්, යදම‘ කඩා දමමින්ිඅපි නිදහස ලබමු’යි 

ඔව‘හු පවසන්නෝය. සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ 

සිනාසෙන සේක. සමි’දාණෝ ඔවුන් හට පරිහාස කරන සේක. 

එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක. උදහසින් ඔවුන්ට 

තර්ජනය කරන සේක. 

මාගේ ශඳ්ධ සියොන් ගිර මත්තෙහි මා රජි’ඳු හට කිරු’ඵ පළ’දවා රජකම

ඳුන්නෙමි. 

මම දේව නියෝගය ප?කාශ කරන්නෙමි. එත`මාණෝ මට කතා කොටිනුඹ 

මාගේ පුත් ක`මරු ය. අද මම ඔබෙ‘ පිය රජ වූයෙමි. නුඹ කැමති දෙයක් 

මාගෙන් අයදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝය. මු’ඵ මහ පොළොව ද 

නුඹ සන්තක වන්නේය. නුඹ දරද’ඩු පාලනයකින් ඔවුන් සි’ද බි’ද මැටි බ’ඳුනක් සේ 

සුණු විසුණු කර ඇතැ’යි වදාරණ සේක. 


සාධුකාරය 

 ආලේලූයා ආලේලූයා

කි?ස්ත`ස් වහන්සේ ව’ද වි’දිය යුත` බවත් 

ත`න්වනදා මළවුන්ගෙන් නැ’ගිටිය යුත` බවත් ශඳ්ධ ලියවිල්ලෙහි ලියා ඇත. 

 ආලේලූයා

 

සුවිශේෂය 

සුවිශේෂක ජුවාම් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම මෙසේය. 

 ජුවාම් 3, 1 - 8 

ජලයෙන් හා ආත්මයාණන්ගෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට 

පිවිසිය නොහැක. පිවිසිය නොහැක. පිවිසිය නොහැක. 

පරිසිවරුන්ගෙන් කෙනෙක` වූ ද, ජුදෙව‘වරුන්ගේ ප?ධානයක` වූ ද නිකදේමුස් නම‘ 

මිනිසෙක් විය. ඔහු එක් රැයෙක උන් වහන්සේ වෙත අවුත්ිග`රු දේවයිනි, ඔබ 

දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ග`රුවරයෙකැ යි අපි දනිමු. මන්ද දෙවියන් 

වහන්සේ තමා සම’ග වැඩ නොසිටින සේක් නම‘ කිසිවක`ට ඔබ කරන මෙ‘ හාස්කම‘ කළ 

නොහැකිය”යි කීය. ජේසුස් වහන්සේ පිළිත`රු දෙමින්  ර්‍ණඒකාන්තයෙන්ම මම ඔබට 

කියමි. යමෙක` නැවත නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත 

නොහැකි ය”යි ඔහුට වදාළ සේක. නිකදේමුස් කතා කරමින්  ර්‍ණමනුෂ්‍යයෙක` මහලුව 

සිටියදී උපදින්නට පු’ඵවන් කොහොමද/ දෙවන වරටත් මවු ක`සට පිවිස උපත 

ලැබිය හැකිදැ”යි ඇසීය. 

ජේසුස් වහන්සේ පිලිත`රු දෙමින්  ර්‍ණඒකාන්තයෙන්ම මම ඔබට කියමි. යමෙක` වත`රෙන් 

ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය. 

ශරීරයෙන් උපදින දේ ශාරීරික ය. ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය. ඔබ 

නැවත උපදින්නට ඔ‘නෑ ය යි මා කීවාට පුඳුම නොවන්න. සුළ’ග සිතඬ සිතඬ තැන්වල 

හමයි. එහි ශබ‘දය ඔබට ඇසෙයි. එහෙත් එය කොතැනින් එන්නේ ද කොතැනට 

යන්නේ දැයි ඔබ නොදන්නාහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙක`න් ද 

එසේම ය”යි වදාළ සේක. 

 සුවිශේෂ වාක්‍යය එසේය.

Post a Comment

0 Comments