මෙතුමා අරාබි මුස්ලිම්වරුන් විසින් කිතුනුවන්ට හිංසා පීඩා කරන කාලවකවානුවේ දී ස්පාඤ්ඤයේ ප්රදේශයෙ හි සිටි පූජාප්රසාදිවරයෙක් වේ.
රොඩ්රික්ට සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර, එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙකු වූ අතර අනෙකා කතෝලිකයක්ව සිට ආගම අතහැරි අයෙකි. දිනක් ඔහු තම සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් නැවැත්වීමට උත්සාහ කළේය. එහි දී ඔහුගේ සහෝදරයන් ඔහුට පහර දුන් අතර එහි ප්රතිඵලයක් ලෙස ඔහු සිහිසුන් විය. පසුව මුස්ලිම් සහෝදරයා රොඩ්රික් මුස්ලිම් වීමට කැමති බව ප්රකාශ කරමින් වීදි සංචාරය කළේය. රොඩ්රික් ඉස්ලාම් ආගම වැළඳගත් බව ඔහුගේ සොහොයුරාද බලධාරීන්ට පවසා ඇත.
රොඩ්රික් අවදි වූ විට, ඔහු තම සහෝදරයන්ගේ කතාව අතහැර දමා කතෝලික ඇදහිල්ලට ඔහුගේ පක්ෂපාතිත්වය බලධාරීන්ට පැවසීය. බලධාරීන් රොඩ්රික්ට ෂරියා නීතිය යටතේ ඇදහිල්ල අත්හළ බවට චෝදනා කළ අතර ඔහු සිරගත කරන ලදී. සිරගතව සිටියදී, ඇදහිල්ල අත්හැරීමේ චෝදනාවට ලක් වූ සොලමන් නම් මිනිසෙකු ඔහුට මුණගැසුණි.
දීර්ඝ සිරදඬුවමකින් පසු ඔවුන් දෙදෙනාම ක්රි ව. 837 මාර්තු 13 වන දින හිස ගසා මරා දමන ලදි.
0 Comments