✟✯🌷 ශු. කැතරින් ඩ්‍රෙක්සෙල් මුනිවරිය 🌷✯ ✟

 


කැතරින් ඩ්‍රෙක්සෙල් (26, 1858 - මාර්තු 3, 1955) ඇමරිකානු ප්‍රභූ පාන්තික හා දානපති පවුලක උපත ලැබූ තැනැත්තියෙකි. එමෙන්ම ඇය පැවිදි කන්‍යා සහෝදරියක් මෙන්ම සහ අධ්‍යාපනඥවරියක් ද වේ. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ශාන්තුවර භාවයට පත් වූ දෙවන පුද්ගලයා වන අතර එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස උපත ලැබූ පළමු පුද්ගලයා ද වේ. 

බැංකුකරුවෙකු වන ෆ්‍රැන්සිස් ඇන්තනි ඩ්‍රෙක්සෙල්ගේ බිරිඳ වන හැනා ලැන්ග්ස්ට්‍රෝත්ට දාව  ඇය උපත ලැබුවාය. දානපතියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ ඇය, ස්වදේශික ඇමරිකානුවන් සහ අප්‍රිකානු ඇමරිකානුවන් සමඟ වැඩ කිරීමට මිෂනාරිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට 1887 දී පාප් වහන්සේ හමුවූ අතර, එතුමා ඇයට කන්‍යා සොහොයුරියක් වීමට යෝජනා කළේය. එම යෝජනාව අනුව ඇය ජීවිතය වෙනස් කර ගන්නා ලද අතර ඇය සියලු දෙනාම පුදුමයට පත් කරමින් දිව්‍ය සත්ප්‍රසාදයේ පැවිදි සොයුරියෝ නිකාය ආරම්භ කරන ලදි.

1925 දී, ඇය ලුසියානා හි ක්ෂේවියර් විශ්ව විද්‍යාලය ඇය ආරම්භ කරමින් පළමු සහ එකම කතෝලික අධ්‍යාපන ආයතනය ඇමරිකානු අප්‍රිකානුවන් වෙනුවෙන් ආරම්භ කළාය. ඇය රට පුරා වෙනත් ප්‍රාථමික පාසල් දුසිම් ගණනක් සහ බොහෝ දේවස්ථාන ද ආරම්භ කළාය .

ජීවිතයේ පසුකාලීනව, ඇය අසනීපයෙන් ඇඳට වැටුණත්, අරමුදල් සහ කාර්ය මණ්ඩල මෙහෙයුම් දිගටම කරගෙන ගියාය. වයස 95 දී  එනම්  1955 මාර්තු 3 වන දින ඇය මිය ගියාය.  

ඇය 2000 වර්ෂයේදී සාන්තුවරභාවයට ඔසවන ලද අතර ඇගේ මංගල්‍ය දිනය මාර්තු 3 දින සමරනු ලබයි.

Post a Comment

0 Comments