✟✟ 𝟚𝟘𝟚𝟛 මාර්තු 2 ✟✟



පළමුවන කියවීම එස්තර් 12, 14-16, 23-25

රණ භීතියෙන් වෙළුණු එස්තර් බිසව ද සමිඳාණන් වහන්සේගේ පිළිසරණ සොයන්නට වූවා ය. ඇය තම මාහැඟි ඇඳුම් ඉවත ලා ශෝකය අඟවන ඇඳුම් හැඳගත්තී ය. සිය හිසෙහි ගැල්වූ අනර්ඝ සුවඳ පැන් වෙනුවට අළු හා සත්ත්ව මල තවරා ගත්තී ය. ඇය සිය ශරීරයට හිංසා කරගනිමින් මීට පෙර තම ශරීරය අලංකාර කරගත් තැන්වල ඇගේ කේශ කලාපයෙන් උදුරන ලද කෙස් රොදවල් විසි කරන ලදී. ඇය ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින් මෙසේ කීවා ය:
මා සමිඳුනි, අප රජිඳුනි, ඔබ එක ම තැනැන් වහන්සේ ය.
මා සහයට වැඩිය මැනව.
මම තනි වී සිටිමි.
ඔබ හැර අන් උදව්කරුවකු මට නැත.
මාගේ දිවියට අනතුර මා අත ළඟයි.
සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරෙන් ඉශ්රායෙල්වරුන් ද පැරණි ජනයා අතරෙන් අපේ පියවරුන් ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියෙහි දී මාගේ පවුලේ තුරුල්ලෙහි දී ම ඉගෙනගතිමි.
ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහි ය.
එහෙත්, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
අප සතුරන්ගේ දෙවියන්ට අප ගරු කළ නිසා ඔබ අප ඔවුන් අතට පාවා දුන් සේක.
සමිඳුනි, ඔබ සාධාරණ ය.
එහෙත්, ඔව්හු අප උග්‍ර වහල්කමට පත් කිරීමෙන් සෑහීමට පත් නොවූ හ.
ඔබ මුවින් නික්මුණු නියමය අවලංගු කරන පිණිස ද ඔබ උරුමය මකාදමන පිණිස ද ඔබ පසසන අයගේ කට පියවන පිණිස ද ඔබ පුදසුනත්, ඔබ මාලිගාවේ මහිමයත් නැති කරන පිණිස ද එය වෙනුවට ජාතීන්ගේ මුඛයන්, නිෂ්ඵල ප්‍රතිමාවලට ප්‍රශංසා කිරීම සඳහා අරින පිණිස ද මිනිස් රජෙකුට වැඳුම්පිදුම් කරන පිණිස ද ඔව්හු තමන්ගේ පිළිමවල අත් තබා දිවුරන්ට සැලැසූ හ.
සමිඳුනි, පැවැත්මක් රහිත දේට ඔබ රාජ යෂ්ටිය පාවා නුදුන මැනව.
අපේ විනාශය ගැන අන්‍යයෝ අපට සමච්චල් නොකරත් වා!
ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන්ට ම එරෙහි ව යැව්ව මැනව.
අපට පහර දීමට මඟ පෙන්වන්නා ආදර්ශයක් කළ මැනව.
සමිඳුනි, අපේ විපත් දවසේ දී අප සිහි කළ මැනව.
ඔබගේ වැඩසිටීම ද අනාවරණය කළ මැනව.
දේවාතිදෙවියනි, සව් බලැති සමිඳුනි, මා දිරිගැන්වුව මැනව.
මා සිංහයාට මූණ පාන විට මා මුවෙහි සිත් ගැන්මෙහි සමත් වදන් තැබුව මැනව.
අපේ සතුරා ද ඔහු වැනි අනෙක් අය ද වැනසෙන පිණිස ඔහුගේ හෘදය තුළ අපේ සතුරාට විරුද්ධ ව වෛරයක් ඇති කළ මැනව.
ඔබේ හස්තයෙන් අප ගළවාලුව මැනව.
සමිඳුනි, මා තනි ව සිටින හෙයින් ද ඔබ හැර අන් කිසිවෙකු මට නැති හෙයින් ද මාගේ සහයට වැඩිය මැනව.

පිළිතුරු ගීය ගීතාවලිය 138:1-2AB, 2CDE-3, 7C-8

පිළිතුරමා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;

1සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
7මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක.
ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක.
ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක.
සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය.
ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.


සුබාරංචියට පෙර ගීතාවලිය  51:12A, 14A


සුබාරංචිය මතෙව් 7:7-12



Post a Comment

0 Comments