✟✯✯ ශා. වුල්ෆ්ස්ටාන් මුනිතුමා ✯ ✯ ✟

 


මෙතුමා උපත ලැබුවේ 1008 දී පමණ වෝර්වික්ෂයර් හි ඉංග්‍රීසි ප්‍රාන්තයක් වූ ලෝන්ග් ඉචින්ටන්හිදී ය. ඔහුගේ මාමා වූ දෙවන වුල්ෆ්ස්ටන් යෝක් හී අගරදගුරු තුමන් වූ අතර තම මාමාගේ බලපෑමෙන් ඔහු වෝර්සෙස්ටර් හි ලිපිකරුවෙකු වීමට පෙර එව්ෂාම් සහ පීටර්බොරෝහි තාපසාරාමවල අධ්‍යාපනය ලැබීය. මේ කාලවකවානුවේ ඔහු තුළ දකින්නට ලැබූ කැපවීම සහ නිර්මලකම පිළිබඳ කීර්තිය සැලකිල්ලට ගත් ඔහුගේ ජේෂ්ඨයන් පූජකවරයට බැඳෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. වර්ෂ 1038 දී මෙතුමා පැවිදි ජීවිතයට කැමැත්ත දැක් වූ අතර වැඩි කල් නොගොස් වෝර්සෙස්ටර් හි බෙනදිකානු තාපසාරාමයකට බැඳුණි.

මෙතුමා එම තාපසාරාමයේ හි භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් සේවය කළේය. වෝර්සෙස්ටර් හි රදගුරු මෙන්ම යෝර්ක් අගරදගුරුතුමන් වූ එල්ඩ්‍රඩ් රදගුරුතුමන් ගේ නිර්දේශය මත මෙතුමාව වෝර්සෙස්ටර් හී රදගුරුතුමන් ලෙස පත් කිරීමට තීරණය කරන ලදී . වර්ෂ 1062 සැප්තැම්බර් 8 වන දින මෙතුමා වෝර්සෙස්ටර් හී රදගුරු පදවියට පත් විය.

සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ මෙම රදගුරුතුමන් පැරණි හා නව පාලන තන්ත්‍රයන් අතර පරතරය පියවා ගැනීමටත් දුප්පතුන්ගේ දුක් වේදනා සමනය කිරීමටත් අරගල කළේය. මෙතුමා වහල් වෙළඳාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ අතර ලැන්ෆ්‍රෑන්ක් සමඟ එක්ව බ්‍රිස්ටල් හී පැවති වහල් වෙළඳාම අවසන් කිරීමට ප්‍රධාන වශයෙන් මුල් විය.

නෝමන්වරුන් එංගලන්තය යටත් කර ගැනීමෙන් යටත් විජිතයක් වූ පසු සැලකිය යුතු කාලයක් තම රදගුරු පදවිය රඳවා ගත් එකම ඉංග්‍රීසි ජාතික රදගුරුතුමන් වූයේ මෙතුමන් ය. මෙම රදගුරුතුමන් විසින් විවිධ ප්‍රදේශවල ආසන දෙව්මැදුරු සහ දේවස්ථාන ඇතුළු විශාල පරිමාණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේය.

දිගු කාලයක් පුරා පැවති අසනීප තත්ත්වක් හේතුවෙන් මෙතුමා 1095 ජනවාරි 20 වන දින තම අවසන් හුස්ම හෙළන ලදී.

1203 මැයි 14 වන දින අති උතුම් III වන ඉනසන්ට් ශුද්ධෝත්තම පියතුමා විසින් මෙතුමාව ශුද්ධවරභාවයට ඔසවන ලදි. 

Post a Comment

0 Comments