✟✯🌷හංගේරියාවේ ශා. ‌මාග්‍රට් මුනිවරිය 🌷✯ ✟

 


හංගේරියාවේ මාග්‍රට්තුමිය (ජනවාරි 27, 1242 - ජනවාරි 18, 1270) දොමිනිකන් කන්‍යා සොහොයුරියක් වූ අතර හංගේරියාවේ IV වන බෙලා රජුගේ සහ මරියා ලස්කරිනාගේ දියණිය විය. මාග්‍රට් උපත ලැබුවේ ක්‍රොඒෂියා රාජධානියේ ක්ලිස් බලකොටුවේ, රාජකීය යුවළගේ අටවැනි සහ අවසාන දියණිය (දරුවන් 10 දෙනාගෙන් 9 වැනි) ලෙසය . මොංගෝලියානුවන් හංගේරියාව ආක්‍රමණයේදී (1241-42) ඔවුන් හංගේරියාවේ පදිංචිව සිටියේ ඇගේ පියා ද මෙම දේශයේ පාලකයා වූ බැවිනි. හංගේරියාව මොංගෝලියානුවන්ගෙන් නිදහස් කර ගත හැකි වුවහොත දරුවාව ආගමට කැප කරන බවට ඇගේ දෙමාපියන් භාරයක් වී තිබුණි. 

ඒ අනුව තුන් හැවිරිදි මාග්‍රට් 1245 දී වෙස්ප්‍රෙම් හි ඩොමිනිකන් ආරාමයට ඇගේ දෙමාපියන් විසින් භාර දෙන ලදී. වසර හයකට පසු ඇය බුඩා (වර්තමාන මාග්‍රට් දූපත. ඇයගේ නමින් නම් කර ඇති දූපත සහ බුඩාපෙස්ට්හි කොටසක් වන අතර; ආරාමයේ නටබුන් තවමත් දැකිය හැකිය) අසල නියුලැක් සිගෙටේ (රැබිට් දූපත) හි ඇගේ දෙමාපියන් විසින් ගොඩනගන ලද කන්‍ය මරියාවන්ට කැප කර තිබු ආරාමයකට මාරු කරන ලදී. ඇය සිය ජීවිතයේ ඉතිරි කාලය එහි ගත කළ අතර, ආගමට කැප වූ අතර බොහීමියාවේ II වන ඔටෝකාර් රජු සමඟ ඇය වෙනුවෙන් දේශපාලන විවාහයක් සංවිධානය කිරීමට ඇගේ පියා ගත් සියලු උත්සාහයන්ට ඇය විරුද්ධ වූවාය.

 ඇගේ පැවිදි නිකායේ සිරිත් විරිත්වලට වඩා කැපී පෙනෙන ලෙස, ඇය වයස අවුරුදු දහඅටේදී වගකීම් සහිතව පොරොන්දුවක් දී ඇති බව පෙනේ. 

ඇයගේ ජීවිතයේ බොහෝ තොරතුරු 14 වන සියවසේ දී ලියා ඇති අතර 15 වන සියවසේ ලතින් භාෂාවෙන් හංගේරියානු භාෂාවට පරිවර්තනය කරන ලද ශාන්ත මාග්‍රට්ගේ පුරාවෘත්තයෙහි ඒවා අඩංගු වේ. පුරාවෘත්තයේ ඉතිරිව ඇති එකම පිටපත 1510 දී පමණ ඩොමිනිකන් කන්‍යා සොහොයුරියක් වන ලී රාස්කේ විසින් පිටපත් කරන ලද මාග්‍රට් කෝඩෙක්ස් හි ඇත. පුරාවෘත්තයට අනුව, මාග්‍රට් කුඩා කල සිටම තමාට දැඩි දඩුවම් කර, යකඩ පටියක් පැළඳ, හිසකෙස් ‌වලට සහ නියපොතු වලින් උල් කරන ලද සපත්තු පැළඳ සිටිමින් මර්දන ක්‍රියාවන් හි නිරත වී ඇත. ඇය විසින් කරන ලද මර්දන ක්‍රියාවන් හි අධික භාවය නිසාම ඇගේ ජීවිතය කෙටි වන්නට ඇත. ඇය 1270 ජනවාරි 18 දින මිය ගියාය.

ඇයගේ මරණයෙන් පසු ඇය සාන්තුවරියක් ලෙස ගෞරවයට පාත්‍ර වූවාය, උදා: සාලා ප්‍රාන්තයේ බොක්ෆෝල්ඩ් හි ඇය වෙනුවෙන් කැප කරන ලද දේවස්ථානයක් ‌ගොඩනගා තිබු බව 1426 දිනැති ලේඛනවල සඳහන් වේ. ඇයගේ මරණයෙන් ටික කලකට පසු ඇගේ සොහොයුරා වන ස්ටීවන් රජුගේ ඉල්ලීම පරිදි ඇයව සාන්තුවර භාවයට එසවීමට පියවර ගන්නා ලදී. 1270 සිට 1276 දක්වා කාලය තුළ අවශ්‍ය පරීක්ෂණ සිදු කරන ලද නමුත් ශාන්තුවරයට එසවීමේ ක්‍රියාවලිය සාර්ථක වූයේ නැත. ඇයගේ මැදිහත්වීමට හාස්කම් 74 ක් ආරෝපණය කළද, ඒවායින් බොහොමයක් රෝග සුව කිරීම ගැන සඳහන් කරයි, මළවුන්ගෙන් නැවත පැමිණෙන අය පවා. සාක්ෂි දුන් අය අතර හාස්කම් කළ පුද්ගලයන් 27 දෙනෙක් සිටියහ.  අවසානයේ ඇයව ශාන්ත භාවයට පත් කරන ලද්දේ XII පියුස් පාප්තුමා විසින් 1943 නොවැම්බර් 19 වන දින ය. එදින ඇගේ නැන්දා වන හංගේරියාවේ ශාන්ත එලිසබෙත්තුමියගේ මංගල්‍ය දිනයයි.

දෙවන ජෝසප් අධිරාජ්‍යයා විසින් සියලුම පැවිදි නිකායන් මර්දනය කිරීමේ කොටසක් වශයෙන් ඇගේ ආරාමය 1782 දී  විනාශ කරන ලද ඒවා අතර වූ අතර එකල ඇගේ දේහය දිළිඳු ක්ලාරා නිකාය වෙත ලබා දෙන ලදී. ඔවුන් Pozsony (අද Bratislava) සහ Buda හි තබා ඇත. ඇගේ  ධාතු 1789 දී අර්ධ වශයෙන් විනාශ වූ නමුත් සමහර කොටස් සංරක්ෂණය කර ඇති අතර දැන් එය Esztergom, Győr සහ Pannonhalma හි තබා ඇත.

Post a Comment

0 Comments