🎄🎄🎄🎄🎄 ශුද්ධවු පවුලේ මංගල්‍යය🎄🎄🎄🎄

 



ශුද්ධ පවුල සමන්විත වන්නේ ළමා ජේසුස් වහන්සේ, කන්‍ය මරිය තුමිය සහ ජුසේ තුමන් ගෙනි.  ශුද්ධ පවුල න සංකල්පය  ක්‍රි ව.  1490 ගණන්වල සිට කිතුනු කලාව තුළ ජනප්‍රිය මාතෘකාවක් විය.  නමුත් ශුද්ධ වූ පවුලට ගරු කිරීම විධිමත් ලෙස 17 වන සියවසේදී නව ප්‍රංශයේ පළමු රදගුරු ශාන්ත ෆ්‍රැන්සුවා ද ලාවාල් විසින් ආරම්භ කරන ලදි.

ශුද්ධ වූ පවුලේ මංගල්‍යය යනු කතෝලික සභාවේ මෙන්ම බොහෝ ලූතරන් සහ ඇංග්ලිකන් සභාවන්වල, ජේසුස් වහන්සේට, ඔහුගේ මවට සහ ඔහුගේ සුරැකි පියා වන ජුසේතුමාට පවුලක් ලෙස ගෞරව කිරීම සඳහා පවත්වන මංගල්‍යය උත්සවයකි;  එය ක්‍රි ව. 1921 සිට XV වන බෙනඩික්ට් පාප්තුමා විසින් එය ජනවන්දනා දින දර්ශනයට ඇතුළත් කරන ලදි. මෙම මංගල්‍යයේ මූලික අරමුණ වන්නේ ශුද්ධ වූ පවුල කිතුනු පවුල් සඳහා ආදර්ශයක් ලෙස ඉදිරිපත් කිරීමයි. ශුද්ධ වූ පවුල වෙනුවෙන් කැප වූ දේවස්ථාන රාශියක් ලොවපුරා දැකියය හැකිය.

ශුද්ධ වූ පවුලේ මංගල්‍යය නත්තල් සමය තුළට වැටෙන අතර 1969 සිට සාමාන්‍ය කතෝලික රෝමානු දින දර්ශනයේ එය නත්තල් දිනය සහ ජනවාරි 1 අතර කාලයේ එළඹෙන ඉරිදා දින පවත්වනු ලැබේ. නත්තල් දින ඉරිදා නම්, ශුද්ධ වූ පවුලේ මංගල්යය දෙසැම්බර් 30 වන දින සමරනු ලැබේ. 1960 සාමාන්‍ය රෝමානු දින දර්ශනය හෝ 1954 සාමාන්‍ය රෝමානු දින දර්ශනය තබා ගන්නා ප්‍රජාවන් සඳහා, මංගල්‍යය පවත්වනු ලබන්නේ එපිෆනි දිනයෙන් පසු ඉරිදා වන අතර එය ජනවාරි 6 වන දින සිදු වේ. එම සාම්ප්‍රදායික දින දර්ශන දෙක වෙනස් වන්නේ ජනවාරි 6 වෙනිදායින් පසු ඉරිදා ජනවාරි 13 වන දින වන විට පමණි. එවැනි අවස්ථාවක 1960 සාමාන්‍ය රෝමානු දින දර්ශනය 13 වැනි දින ශුද්ධ පවුල පවත්වනු ලබන අතර 1954 සාමාන්‍ය රෝම දින දර්ශනය ජනවාරි 12 දක්වා මංගල්‍යය ගෙන යයි.

ජේසුස් වහන්සේගේ  ප්‍රසිද්ධ සේවයට පෙර ශුද්ධ වූ පවුලේ ජීවිතය ගැන ශුභාරංචි කථා කරන්නේ අල්ප වශයෙනි. මතෙව් සහ ලූක් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ මෙම කාල පරිච්ඡේදයේ කථාංග විස්තර කරයි, එනම් ඔහුගේ චර්මච්ඡේදනය සහ ඊජිප්තුවට පලා යාම, නාසරෙත් වෙත ආපසු යාම සහ දේවමාළිගාවේ දොළොස් වියේ දී නැතිවී සම්භ වීම ආදිය වේ. ජුසේ සහ මරියා පැහැදිලිවම ජුදෙව්වන් වූ අතර, ලූක් කතුවරයා පවසන පරිදි, ඔවුන් අනෙකුත් ජුදෙව් පවුල් සමඟ ජෙරුසලමට වාර්ෂික වන්දනා ගමනේදී ඔවුන් සමඟ ජේසුස්ව රැගෙන ආ බව සදහන් වේ.

ඉතාලි පුනරුද සමයේ සිතුවම් අතර ශුද්ධ වූ පවුල ජනප්‍රිය විෂයයක් බවට පත්විය. 


Post a Comment

0 Comments