✟✯✯ ශු. මහා ඇල්බට් මුනිතුමා ✯ ✯ ✟

 


මෙතුමන් උපත ලැබුවා යැයි සැලකෙන්නේ වර්ෂ 1200 දී ජර්මනියේ ලව්‍යෙන්ගෙන් නගරයේ දී ය. මෙතුමා මූලික වශයෙන් අධ්‍යාපනය ලැබුවේ පාදුවා විශ්ව විද්‍යාලයේ වන අතර එහිදී ඔහුට ඇරිස්ටෝටල්ගේ ලේඛන පිළිබඳ හැදෑරීමට අවස්ථාව ලැබුණි.

එක් වාර්තාවකට අනුව ඔහුට දේවමාතාවන්ගෙන් දේව සේවය සඳහා යොමුවීමට අනාවරණයක් ලැබුණු අතර වර්ෂ 1223 දී දොමිනිකානු නිකායට බැදී දේව ධර්ම ශාස්ත්‍රය හැදෑරුවේය.

දොමිනිකානු නිකායට අයත් ජර්මනියේ කොලෝන් හි විද්‍යාලයක කථිකාචාර්ය තනතුර පිරවීම සඳහා තෝරාගත් ඔහු වසර ගණනාවක් එහි ඉගැන්වීමේ කටයුතුවල නිරත විය. වර්ෂ 1245 දී ඇල්බට් මුනිඳුන් දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපතිවරයා බවට පත් වූයේ මෙම තනතුරට පත්වූ පළමු ජර්මානු දොමිනිකානු වරයෙක් ලෙසය. ඉන් පසුවශාන්ත ජේම්ස් දේවධර්ම නිකේතනයේ අධ්‍යක්ෂ ධුරය දරමින් පූර්ණ කාලීන මහාචාර්යවරයෙකු ලෙස පැරිස් විශ්ව විද්‍යාලයේ දේවධර්මය ඉගැන්වීමට ඔහුට හැකි විය. මෙම කාලය තුළ තෝමස් ඇක්වයිනාස් දා ඇල්බර්ටස් මුනිඳුන් යටතේ අධ්‍යාපනය ලැබීමට පටන් ගත්තේය.

ඇරිස්ටෝටල්ගේ සියලුම ලියවිලි පිළිබඳව මුලින් ම අදහස් දැක්වූ ඇල්බට්එමඟින් පුළුල් අධ්‍යයන විවාදයකට ප්‍රවේශ විය.
වර්ෂ 1254 දී ඇල්බට් මුනිඳුන් දොමිනිකන් නිකායේ ප්‍රාදේශාධිපති  බවට පත් වූ අතර සිය ධුර කාලය තුළ දොමිනිකානුවන්ට එරෙහිව පැරිස් විශ්ව විද්‍යාලයෙන් පැනනැගුණු මතවාදයන්ට  එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

වර්ෂ 1260 දී හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා ඔහුව රෙජෙන්ස්බර්ග් හි රදගුරු ධුරයට පත් කළ ද වසර තුනකට පසු එම ධූරයෙන් ඉල්ලා අස්විය. තම රාජකාරිය ඉටු කිරීමේදී ඔහු තම නිහතමානිකම පෙන්වා සිටියේ  කීර්තිය ගමන් පහසුව සඳහා ඔහුට ලැබුණු අශ්වයෙකු පැදවීම ප්‍රතික්ෂේප කරමින් තම නිකායේ  නියමයන්ට අනුකූලව රදගුරු පදවිය තුළ පයින් ගමන් කරමිනි. මෙම නිසා ඔහුගේ ජනතාව විසින්  එතුමන්ට "සපත්තු රදගුරුතුමන් " ලෙස සෙනෙහස් නාමයක් දෙන ලදී. වර්ෂ 1263 දී හතරවන උර්බාන්  පාප්තුමා රදගුරු ධුරයේ සියලු රාජකාරිවලින් නිදහස් කළ අතර ජර්මානු භාෂාව කතා කරන රටවල ඇතිවූ අටවන කුරුස යුද්ධයේ දේශනා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. මෙයින් පසු ඔහු විශේෂයෙන් ප්‍රසිද්ධ වූයේ ගැටුම්කාරී පක්ෂ අතර මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා ය. කොලෝන් හි ඔහු ජර්මනියේ පැරණිතම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයා ලෙස පමණක් නොව 1258 දී කොලෝන් හී පුරවැසියන් සහ අගරදගුරු තුමා අතර ගැටුම අවසන් කිරීමට ද එතුමන්ගේ මැදහත් කම නිසා හැකි විය .

එතුමන් විද්‍යාඥයෙක්දාර්ශනිකයෙක්දේවධර්මාචාර්යවරයෙක්අධ්‍යාත්මික ලේඛකයෙක් හා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ද විය. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුකොටගෙන එතුමන් 1278 වසරේ නොවැම්බර් 15 වන දින ජර්මනියේ කොලෝන් හී දොමිනිකානු කන්‍යාරාමයේ දී තම අවසන් හුස්ම හෙළන ලදී.

Post a Comment

0 Comments