✟✯✯ ශු. ඩුබ්‍රිසියුස් මුනිතුමා ✯ ✯ ✟

 





ඩුබ්‍රිසියුස් යනු ක්‍රිස්තු වර්ෂ 5 වන ශත වර්ෂයේ පමණ එංගලන්තයේ එර්ජිං හි රජුව සිටි පීබියෝ ක්ලැෆ්‍රොග් රජුගේ දියණිය වූ එෆ්ර්ඩ්ඩිල්ගේ  පුත්‍රයාය. තම මිනිබිරිය විවාහ නොවී ගැබ්ගෙන ඇති බව දැනගත් සීයා වයි නම් වූ ගඟට ඇයව විසි කළ නමුත් ඇය දියේ නොගිලී බේරීමට සමත් විය. ඩුබ්‍රිසියුස්  උපන්නේ එංගලන්තයේ හෙරෆර්ඩ්ෂයර් හි මැඩ්ලි නම් නගරයේ ය. ලාදුරු රෝගය වැළඳී සිටි පීබියෝ රජුව ළදරු ඩුබ්‍රිසියුස් ඔහු විසින් ස්පර්ශ කළ විට සුව වීමෙන් පසුව රජු නැවත ඔහුගේ මව සමඟ සමාදාන විය.

ඔහු වයසින් මුහුකුරා යත්ම,  ඔහුගේ පෞරුෂය සහ බුද්ධිය නිසා බ්‍රිතාන්‍යය පුරා විශාරදයකු ලෙස ප්‍රසිද්ධ විය. ඩුබ්‍රිසියුස් හෙන්ට්ලන්ඩ්හි තාපසාරාමයක් ද පසුව මොකාස්හි ද තාපසාරාමයක් ආරම්භ කළේය. ඔහු ටේලෝ සහ සැම්සන් ඇතුළු සුප්‍රසිද්ධ වේල්ස් සාන්තුවරයන්ගේ ගුරුවරයා බවට පත් වූ අතර විවිධ ආබාධවලින් පෙළෙන රෝගීන් අත් තැබීමෙන් සුව කළේය. 

පසුව ඔහු එර්ජිං හි රදගුරු පදවියට පත් වූ නමුත් පරිපාලන කටයුතු සඳහා යොමු නොවූ අතර හුදෙක් පූජකවරුන් පැවිදි කිරීමට යොමු විය. ඔහු වර්ෂ 545 දී විශ්‍රාම ලබා බාර්ඩ්සි දූපතට ගිය අතර වර්ෂ 550 දී සග ලොව දිනා ගත්තේය. ඔහුගේ දේහය වර්ෂ 1120 දී ලැන්ඩාෆ් ආසන දෙව්මැදුරට ගෙන ගොස් තැන්පත් කරන ලදී. 

Post a Comment

0 Comments