✟✯✯ ශු. මහා ලියෝ පාප්තුමා ✯ ✯ ✟

 




ශුද්ධවු පේදුරු අපෝස්තුළුතුමාගේ සිට පහලොස් වන ශතවර්ෂය දක්වා පත්වූ පාප්තුමන්ලාගේ චරිතාපදානයට අනුව මෙතුමන්  ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ මධ්‍යම ඉතාලියේ ටස්කනි හි උපන් තැනැත්තෙකි. ක්‍රි.ව. 431 වන විට තේවාචාර්‍යවරයෙකු ලෙස ඔහු රෝමයෙන් පිටත ප්‍රසිද්ධියට පත්වූයේ නෙස්ටෝරියස්ට එරෙහිව නිබන්ධනයක් ලියූ නිසාය.

ඔහු ගෝල් හි (වර්තමානයේ ප්‍ර්නො) සිටි කාලය තුළ, තුන්වන සික්ස්ටස් පාප්තුමන් මිය ගියේය (440 අගෝස්තු 11), ඉන්පසු සැප්තැම්බර් 29 වන දින ඔහුගෙන් පසුව සභාවේ නායකත්වයට මෙතුමන්ව ඒකමතිකව ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලදී.

ලියෝ පාප්තුමන් විසින් කිතු දහමට එරෙහිව පැන නැගී බොහෝ ව්‍යාජ ඉගැන්වීම් ඉදිරියේ නැගී සිටි අතර සැබෑ විශ්වාසය රැක ගැනීමට දායක විය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීම, ඔවුන්ගේ පොත් පුළුස්සා දැමීම සහ ඉතාලි රදගුරවරුන්ට අනතුරු ඇඟවීමේ ලිපි ලිවීම මගින් ඔවුන්ට එරෙහිව ඉදිරියට ගියේය. 
එලෙසම එතුමන් සාගතයන් පැමිණි අවස්ථාවන්හිදී ද, සරණාගතයින්ගේ පැමිණීමට සහ දිළිඳුකම වැනි කාරණා වල දී රෝමය තුළ දයාවේ කටයුතු ක්‍රියාත්මක කිරීම දියුණු කළේය. 

ක්‍රිස්තු වර්ෂ 461 නොවැම්බර් 10 වන දින ලියෝ පාප්තුමන් මිය යන අතර, ඔහුගේ අවසාන කැමැත්ත වූයේ ශුද්ධවූ පේදුරු තුමන්ගේ සොහොනට ආසන්නයේ මිහිදන් කිරීම බැවින්, ඔහුගේ දේහය ශාන්ත පීතර  බැසිලිකාවේ ආලින්දයේ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. වර්ෂ 688 දී නැවත එතුමන්ගේ දේහය බැසිලිකාව ඇතුළට ගෙන ගොස් තැන්පත් කරන ලදී.

'The Great' නොහොත් 'මහා' යන්න නාමයට එක් වූ ප්‍රථම පාප්තුමන් වන්නේ ශුද්ධ වූ මහා ලියෝ පාප්තුමාය.

Post a Comment

0 Comments