✟✯🌷 ජපමාල දේවමාතා මංගල්‍යය 🌷✯ ✟

 


ජපමාල ඇදහිල්ලට ඇති ඉතිහාසය 13 වන ශතවර්ශය දක්වා ඈතට ඇ දී යයි. ප්‍රංශය හා ඉතාලිය දෙවනත් කරමින් එදා පැතිරී ගිය ඇල්බිජෙන්සියානු වේදභේදය පරාජය කිරීම සඳහා එය දේව මාතාවන් විසින් කි ව 1214 දී දොමිනිකානු ගුස්මාන් මුනිඳුන්ට දර්ශනය වෙමින් දානය කරන ලද්දක් බවට සදහන් වේ .

ක්‍රි.ව. 1571 ඔක්තෝබර් පළමුදා ලේපානෝහි කිතුනුවන් හා ඔටෝමාන් මුස්ලිම්වරුන් අතර පැවැති යුදමය තත්ත්වය තුළ දී කිතුනු සේනාවෝ පසුබට සිටි මොහොතක සියලු භටයන් යුද්ධයට යෑමට පෙර ජපමාලය උච්ඡාරණය කර ගිය බවත් එහි දී ඔවුනට ජයග්රහණය කිරීමට හැකි වූ නිසා එය ජපමාලයේ අනුහසින් සිදුවූ සිද්ධියක් ලෙස ජනතාව විශ්වාස කළෝය. පස්වන පියුස් පාප්තුමා 1573 සිට මෙම මංගල්‍යය පැවැත්වීම ආරම්භ කළ අතර 1716 එකොළොස්වන ක්ලෙමන්ට් පාප්තුමා මෙය විශ්ව සභා මංගල්‍යයක් ලෙස නම් කර ඔක්තෝබර් 07 වන දින ජපමාලයේ අප ස්වාමිදුගේ මංගලෝත්සවය ලෙස නම් කරන ලදි.


ක්‍රිස්තුන් වහන්සේගේ හා මරියෝත්තමාවන්ගේ ජිවිත සිද්ධීන් පිළිබඳ අභිරහස් 20ක් ජපමාලයට එකතු වීමත් සමඟ ජපමාලය භාවනාත්මක මෙනෙහි කිරීමක් බවට පත්ව ඇත. අභිරහස් 15ක් ලෙස පැවති ජපමාල භවනාවට 2002 වසරේ දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා විසින් නිකුත් කරන ලද, “රොසාරියුම් වර්ජිනිස් මරියේ ”නම් අනුශාසක ලියවිල්ල මඟින් අලුත් අභිරහස් 05ක් එනම් ආලෝකයේ අභිරහස් හදුන්වා දෙන ලදී.

12 වන පියුස් පාප්තුමා ක්‍රි.වත 1950 නොවැම්බර් මස 01 වන දින “මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය” නම් වේද සත්‍ය ප්‍රකාශනය නිකුත් කළ අවස්ථාවේ දී ම විශේෂ ප්‍රකාශයක් කරමින් ඔක්තෝබර් මාසය ජපමාල මාසය හැටියට නම් කළේය.

ජපමාලය” යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් “රෝසරි”යන වචනය යෙදේ. එයින් අදහස් කරන්නේ, රෝස මල් ඔටුන්න යන්නයි. “නමෝ මරියනි” යාච්ඤාව කියන සෑම විටම, අප විසින් මරියෝත්තමාවන්ට, අලංකාර රෝස මලක් පුද කරන බවද, සම්පූර්ණ ජපමාලයක් යාච්ඤා කරන සෑම විටම, රෝස මල් ඔටුන්නක් පුද කරන බවද, සභා මාතාව අපට කියා පාන සුවිශේෂී කතාන්දර සම්ප්‍ප්‍රදායකි.

Post a Comment

0 Comments