✟✯ ශු. ඇන්තනි මේරි ක්ලැරට් මුනිතුමා✯ ✟

 



මෙතුමා උපත ලබන්නේ 1807 දෙසැම්බර් 23 වන දින ස්පාඤ්ඤයේ බාර්සිලෝනා පළාතේ සල්ලෙන්ට් නම් නගරයේ ය. ලොම් නිපදවන්නකු වූ ජුවන් සහ ජොසෙෆා ක්ලැරේට් යන යුවලට දාව උපන් දරුවන් 11 දෙනාගෙන් පස්වැන්නා වූ ඔහු තම ප්‍රාථමික අධ්‍යාපනය සිය උපන් ගමේ පාසලකින් ලැබූ අතර වයස අවුරුදු දොළහේදී රෙදි විවීමට යොමු විය.

වයස අවුරුදු 18 දී මෙතුමා තම වෘත්තිය පිළිබඳ විශේෂ දැනුමක් ලබා ගැනීම සඳහා බාර්සිලෝනාවට ගිය අතර වයස අවුරුදු 20 වන තෙක් එහි රැඳී සිටියේය. එම කාල වකවානුව තුළ මෙතුමා සිය විවේක කාලය ඉගෙනීම සඳහා කැප කළ අතර ලතින් සහ ප්‍රංශ භාෂාව ද කැටයම් කලාව ද ප්‍රගුණ කර ගත්තේය.

පැවිදි ජීවිතය සඳහා තමන්ට කැඳවීමක් ඇති බව අවබෝධ කරගත් මෙතුමා බර්සිලෝනාව හැරගොස් කාර්තුසියානු පැවිද්දකු වීමට අදහස් කළ ද පසුව 1829 වසරේ දී පදවි දෙව්සත්හල ක ට ඇතුළු විය. 1835 ජුනි 13 වන පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය දින පුජකවරය ලැබූ මෙතුමා තම මීසමේම සිටීමින් 1839 වසර තෙක් දේව ධර්ම ශාස්ත්‍රය ඉගෙන ගත්තේය.

තම ශ්‍රේෂ්ඨයන් ගේ කැඳවීම මත ක්ලැරේට් පියතුමා ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් පීඩා විදි කැටලෝනියාව පුරා අපෝස්තලික මිෂනාරිවරයකු ලෙස යවන ලදී. පාපොච්චාරණය ඇසීම සඳහා දීර්ඝ කාලයක් ගත කළ එතුමන් එය තම හෘද සාක්ෂිය අවබෝධ කරගැනීමට තමන් ලද වරප්‍රසාදයක් ලෙස සලකනු ලැබුවේ ය. 1848 වසරේ දී පැවිදි විරෝධී පිරිසකගේ තර්ජනයන් හමුවේ ඔහුව කැනරි දූපත් වෙත ලදී.

ස්පාඤ්ඤය වෙත නැවත පැමිණෙන එතුමන් 1849 ජුලි 16 වන කාර්මෙල් දේවමාතාවන් ගේ මංගල දින දේව මාතාවන්ගේ නිර්මල හෘදයේ ධර්මදූතික පුතුන් ලෙස පැවිදි නිකායක් ආරම්භ කරන ලදී. වර්තමානයේ ක්ලැරේසීයානු නිකාය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම පැවිදි පංතියයි. එලෙසම එතුමන් විසින් බාර්සිලෝනා හී විශාල ආගමික පුස්තකාලයක් ද ආරම්භ කළේය. 1865 දෙසැම්බර් 22 වන දින අති උතුම් නවවන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමන් ආරම්භ කළ පැවිදි පන්තියට සභා අනුමැතිය ලබා දුන්නේ ය.

ස්පාඤ්ඤයේ කිරුළ හිමි දෙවන ඉසබෙලා රැජින ඉල්ලීමක් මත නවවන පියුස් පාප්තුමන් විසින් ක්ලැරේට් පියතුමන්ව කියුබාවෙ සන්තියාගෝ හි අගරදගුරු හිමිපාණන් ලෙස පත් කරන ලදී. අගරදගුරුතුමකු ලෙස දෙව්සත්හල් ප්‍රතිසංවිධානය කරමින්ද, පැවිදි විනය ශක්තිමත් කරමින් ද,පළමු වසර දෙක තුළ පමණක් 9000 පමණ විවාහයන් වලංගු කරමින් සහ රෝහල් හා පාසල් බැහැ දකිමින් මහත් වූ සේවාවක් එතුමන් විසින් ඉටු කරන ලදී.

එතුමන් 1869 වසරේ දී පළමු වතිකානු මන්ත්‍රණ සභාව සූදානම් කිරීම සඳහා රෝමයට පැමිණි එතුමන් සෞඛ්‍ය හේතූන් මත ප්‍රංශයේ නර්බෝන් නුවරට පැමිණෙන අතර එහිදී1870 ඔක්තෝබර් 24 වන දින මෙතුමා ස්වර්ගස්ථ විය

Post a Comment

0 Comments