✟✯ශු. ජෙරාඩ් මජෙල්ලා මුනිතුමා ✯ ✟

 


මෙතුමා උපත ලබන්නේ 1726 අප්‍රේල් 09 වන දින ඉතාලියේ බසිලිකාතා ප්‍රදේශයේ මුරෝ ලුකානෝ නම් නගරයේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ය. ඔහුගේ පියා ඇඳුම් මසන්නකු වූ දොමිනිකෝ මජෙ නම් අතර ජෙරාඩ් දොළොස් හැවිරිදි වියේදී මිය ගියේය.

ඔහුගේ මව වන බෙනදෙත්තා ගලෙල්ලා ඔහුව තම සහෝදරයා වෙත යැව්වේ සිය පියාගේ අඩිපාරේ යමින් ඇදුම් මැසීම ඉගැන්වීමටය.කෙසේ වෙතත්, මැසීමේ කටයුතු පුහුණු කිරීම සඳහා යොමුකළ තැනැත්තා ජෙරාඩ් හට හිංසා කළද ඔහු නිශ්ශබ්දව සිටියේය. ඔහුගේ මාමා ඒ පිළිබඳව ඉක්මනින් දැනගත් අතර ඔහුට ඉගැන්වූ පුද්ගලයා රැකියාවෙන් ඉල්ලා අස්විය.

වසර හතරක් ආධුනිකයකු ලෙස පුහුණු වීමෙන් පසු ඔහු ලැසිදෝනියාවේ රදගුරුතුමන්ගේ සේවකයෙක් ලෙස සේවය කිරීම සඳහා අවස්ථාවක් ලබා ගත්තේය. රදගුරුතුමන්ගේ මරණයෙන් පසු, ජෙරාඩ් නැවත සිය රැකියාව වෙත පැමිණියේය. පළමුව ඔහු සංචාරකයෙකු ලෙසද පසුව ඔහුගේම ව්‍යාපාරයක් පටන් ගත් අතර ඔහු උපයන ලද ධනයෙන් ශුද්ධගිනිස්තානයේ ආත්මයන් වෙනුවෙන් තම මව සහ දුප්පතුන් අතර බෙදා දුන්නේය.

ඔහු කැපුචියානු නිකායට බැඳීමට උත්සාහ කළ නමුත් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය එය වළක්වන ලදී .1749 වසරේ දී ඔහු දිව්‍ය ගැලවුම් කරුවාණන්ගේ පැවිදි නිකායට සම්බන්ධ විය. මෙම නිකාය, වසර 1732 දී ශාන්ත අල්ෆොන්සස් ලිගෝරි මුනිඳුන් (1696-1787) විසින් නේපල්ස් අසල ස්කලා හි ආරම්භ කරන ලදී. මෙම නිකාය කැපවී ඇත්තේ “දුප්පතුන්ට දෙවියන් වහන්සේගේ වචනය දේශනා කිරීම” සඳහා ය.ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු ගම්බද ප්‍රදේශ වල ජීවත් වූ ගොවීන් සහ අනෙකුත් බාහිර පුද්ගලයින් සමඟ ඉතා සමීපව කටයුතු කළේ ය.

තම නිකාය තුළ ඔහු කළ වැඩකටයුතු තුළ දී විශේෂයෙන් ඔහු උයන්පල්ලකු, සංක්‍රිස්තියන් කෙනෙකු, ඇඳුම් මසන්නකු,ආහාර පිසින්නකු, වඩු කාර්මිකයකු සහ ලිපිකරුවකු ලෙස ද සේවය කළේය. මෙතුමාගේ ජීවිත කාලය තුළ ප්‍රාතිහාර්යයන් කිහිපයක් සිදුවිය. උස් කඳු මුදුනකින් වැටී සිටි පිරිමි දරුවෙකුට ජීවිතය නැවත ලබා ලබාදීමට මැදහත් වීම, දුප්පත් පවුලකට ඊළඟ අස්වැන්න තෙක් හිඟයක් නොමැතිව තිරිඟු ලබාදීම, දුප්පතුන් හට පාන් බෙදා දීමේදී ඒවා වැඩිවීම යන ප්‍රාතිහාර්යයන් ය.

ඔහු තම අන්තිම කැමැත්ත සිය නිදන කුටියේ දොරටුවේ සටහන් කර තිබුණේ මේ අයුරිනි," මෙන්න දෙවියන් වහන්සේ කැමැත්ත උන්වහන්සේ කැමති අයුරින් සිදු වී ඇති අතර එය සැමදා එලෙසම සිදු වේ." 1755 වසරේ ඔක්තෝබර් 16 ව දින වයස 29 දී එතුමන් සග ලොව දිනා ගත්තේය.

1904 දෙසැම්බර් 11 වන දින අති උතුම් පස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමාව ශුද්ධවන්ත භාවයට ඔසවන ලදි. 


Post a Comment

0 Comments