꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 31 ✟✟☬༒☆꧂

 


ළමුවන කියවීම පිලිප්පි  2:1-4

1ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. 4සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න. 

පිළිතුරු ගීය ගීතාවලිය 131:1BCDE, 2, 3

පිළිතුර සමිඳුනි, ඔබ තුළ මාගේ සාමය සොයා ගන්නෙමි

1සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත.
උදාරම් ලෙස මම ඇස් නොඔසවමි.
වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
පිළිතුර සමිඳුනි, ඔබ තුළ මාගේ සාමය සොයා ගන්නෙමි
2ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි.
මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.
පිළිතුර සමිඳුනි, ඔබ තුළ මාගේ සාමය සොයා ගන්නෙමි
3එම්බා ඉශ්රායෙල්වරුනි!

මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.
පිළිතුර සමිඳුනි, ඔබ තුළ මාගේ සාමය සොයා ගන්නෙමි

ආලේලූයියා ජොහන් 8:31B-32

සුබාරංචිය ලූක් 14:12-14


Post a Comment

0 Comments