✟✯🌷මරියාවන්ගේ උපන් මංගල්‍යය 🌷✯ ✟



ශුද්ධ ලියවිල්ලේ නූතන සම්මත ග්‍රන්ථාවලිය තුළ මරියාවන්ගේ උපත වාර්තා වි නොමැත. මරියාවන්ගේ උපත පිළිබඳ පැරණිතම වාර්තාව ව්නනේ ජාකොබ්ගේ ශුභාරංචිය (5:2) යි. එයට අනුව දෙවන සියවසේ අගභාගයේ සිට මරියාවන්ගේ දෙමාපියන් ලෙස ශාන්ත ආනා තුමිය සහ ශාන්ත ජෝකිම් තුමා හඳුන්වා දී ඇත. 

සාන්තුවරයන් සම්බන්ධයෙන් ගත් කල, සභාව බොහෝ විට ඔවුන්ගේ මරණ දිනය අනුස්මරණය කරයි. එහෙත් ස්නාවක ජොහන් සහ කන්‍යා මරිය තුමියගේ උපන් දිනයන් අනුස්මරණය කරන බව විශේෂයෙන්හි දක්නට ලැබෙන කාරනාවකි. මෙයට හේතුව ගැළවීමේ ඉතිහාසයේ එක් එක් අයගේ ඒකීය මෙහෙවර තුළ දක්නට ලැබේ,  නමුත් සාම්ප්‍රදායිකව ඔවුන් පමණක් ඔවුන්ගේ උපතේදීම ජන්ම පාපයෙන් නිදොස් වූ නිසා (මරියාවන්ගේ නිර්මල  පිළිසිඳ ගැනීම; සාම්ප්‍රදාය අනුව එලිසබෙත්තුමියගේ ගර්භාෂය තුළ දෙව්මවුන් ට ආචාර කරන විට එලිසබෙත් තුමිය කුස තුළ සිටි ළදරුවා ජන්ම පාපයෙන්න් නිදොස් විය) 

දෙවන සියවසේ මුල් භාගයේදී එහි අවසාන ලේඛනය සකස් කර ඇති ජාකොබ්තුමාගේ සුබාරංචියේ, මරියාවන්ගේ පියා ජෝකිම් ඊශ්‍රායලයේ ගෝත්‍ර දොළහෙන් එකක ධනවත් සාමාජිකයෙකු ලෙස විස්තර කරයි. ඔහු සහ ඔහුගේ බිරිඳ අන්නා ඔවුන්ට දරුවන් නොමැතිකම නිසා දැඩි ශෝකයට පත් ව සිටි යුවළකි.

සමහර ලේඛනවල කන්‍යා මරිය තුමියගේ උපන් ස්ථානය සෙෆෝරිස් හි ලෙස දක්වා ඇත, එම ස්ථානයේ 5 වන සියවසේ බැසිලිකාවක් කැණීම් කර ඇත. සමහර වාර්තා නාසරෙත් ගැන කතා කරන අතර තවත් සමහරු පවසන්නේ එය ජෙරුසලමේ බැටළු දොරටුව අසල නිවසක බවයි. ජෝකිම් වැනි ධනවත් මිනිසෙකුට ජුදයේ සහ ගලීලයේ නිවසක් තිබූ බව සිතිය හැකිය. කෙසේ වෙතත්, Charles Souvay, Catholic Encyclopedia හි ලියමින් පවසන්නේ, ජෝකිම්ට විශාල ගව පට්ටි සහ බැටළුවන් සිටි බවට වූ අදහස නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි, මේ සඳහා මූලාශ්‍ර "...ඉතා සැක සහිත වටිනාකමක් ඇත....". 

  මරියාවන් සැමරීම සිදු කරන මුල්ම ලියවිල්ල හයවන සියවසේ ලියැවුණු ගීතිකාවකින් පැමිණේ. මෙම මංගල්‍යය හයවන ශතවර්ෂයේ ආරම්භයේ දී සිරියාවේ හෝ පලස්තීනයේ කොතැනක හෝ ආරම්භ වන්නට ඇති බව විශාරද පිළීගැනීම වේ. එපීස මන්ත්‍රණ සභාවෙන් පසුව, විශේෂයෙන් සිරියාවේ දෙවිඳුන්ගේ මවගේ, දෙවිඳුන් දරා සිටිය තැනැත්තියගේ (Theotokos) වන්දනාව බෙහෙවින් ප්‍රචලිත විය.

පළමු පූජනීය සැමරීම හයවන සියවසේ බැසිලිකා ශාන්ත මාරියා යූබි නාටා එස්ට් කැප කිරීම හා සම්බන්ධ වේ, එය අද ජෙරුසලමේ ශාන්ත ආනා දේවස්ථානය ලෙස හැඳින්වේ. පස්වන ශතවර්ෂයේ ඉදිකරන ලද මුල් පල්ලිය, එඬේරාගේ තටාකය ලෙස හඳුන්වන ස්ථානයේ ඉදිකරන ලද මරියාවන්ගේ බැසිලිකාවක් වන අතර එය මරියාවන්ගේ දෙමාපියන්ගේ නිවස විය. 

හත්වන සියවසේදී, බයිසැන්තියානුවන් විසින් මෙම මංගල්‍යය සමරනු ලැබුවේ භාග්‍යවත් කන්‍ය මරිය තුමියගේ උපතේ මංගල්‍යය ලෙසිනි. මරියාවන්ගේ උපත පිළිබඳ කථාන්දර දැනගත හැක්කේ අපෝක්‍රිෆල් මූලාශ්‍රවලින් පමණක් වන බැවින්, ලතින් සභාව මෙම උත්සවය අනුගමනය කිරීම තරමක් මන්දගාමී විය. රෝමයේදී, පෙරදිග  විසින් ගෙන එන ලද මංගල්‍යය 7 වන සියවසේ අගභාගයේ සිට පැවැත්වීමට පටන් ගෙන ඇත.

සම්ප්‍රදාය විසින් සාමාන්‍ය රෝමානු දින දර්ශනයේ සහ බොහෝ ඇංග්ලිකන් පූජනීය දින දර්ශනවලත් පූජනීය මංගල්‍යයක් ලෙස මෙම මංගල්‍යය සමරනු ලබන්නේ දෙසැම්බර් 8 වන දින සමරනු ලබන ඇගේ නිර්මල පිළිසිඳ ගැනීමේ උත්සවයෙන් මාස නවයකට පසුවය. එනම් සැප්තැමබර් 8 වන දිනය. 

මෙම මංගල්‍යය සැප්තැම්බර් 8 ට ලෙස ත්‍රිදෙන්තියානු දින දර්ශනයේ ද ඇතුළත් වේ. 

 බයිසැන්තියානු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් ඕතඩොක්ස් සභාව ද සැප්තැම්බර් 8 වන දිනදෙවිඳුන් දරා සිටිය තැනැත්තියගේ (Theotokos)  උපත සමරයි. සිරියැක් ඕතඩොක්ස් සභාව, එහි සමීපව සම්බන්ධ සහෝදර සභාවන් වන බයිසැන්තියානු චාරිත්‍ සහිත අන්තියෝකියන් ඕතඩොක්ස් සභාව ද සැප්තැම්බර් 8 වැනි දින මෙම මංගල්‍යය සමරයි. ආගමික කටයුතු සඳහා පැරණි ජූලියන් දින දර්ශනය භාවිතා කරන සභා සඳහා සැප්තැම්බර් 8 ද ග්‍රෙගෝරියානු දින දර්ශනයේ සැප්තැම්බර් 21 දිනට ද එය යෙදේ. වෙනත් වචන වලින් කිවහොත්, රුසියානු ඕතඩොක්ස් පල්ලිය වැනි "පැරණි දින දර්ශන" යොදා ගන්නා සභා  තවමත් 8 වන දින තියෝටෝකෝස්ගේ උපත සමරයි.

ආර්මේනියානු අපෝස්තලික සභාව ද සැප්තැම්බර් 8 සාම්ප්රදායික දිනය ලෙස භාවිතා කරයි. එහෙත් කොප්ටික් ඕතඩොක්ස් සහ ඉතියෝපියානු ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් එය සමරන්නේ මැයි 9 වන දිනයි. 

Post a Comment

0 Comments