✟✯✯ ශා. ජෙරොම්තුමා✯ ✯ ✟

 


සාන්ත සභා මාතාව අද සැප්තැම්බර් 30 වන දින සාන්ත ජෙරොම්තුමා සමරනු ලබයි. සභා ධර්මාචාර්යවරයෙක් ලෙස ගෞරවයට පාත්‍ර වී සිටින ජෙරොම්තුමා, ඔහුගේ අසාමාන්‍ය ඉගෙනීමේ ගැඹුරු බව සහ වල්ගේට් පිටපත හෙවත් බයිබලය ලතින් භාෂාවට පරිවර්තනය කිරීම නිසා ප්‍රසිද්ධ විය.
 
මෙතුමා තාපස ජීවිතයට දැක්වූ කැපවීම ඔහුගේ ජීවිතයේ වැදගත් ලක්ෂණයක් විය.

වර්තමාන ක්‍රොඒෂියාවේ ආසන්න ප්‍ර්‍රදේශයක ක්‍රි.ව. 340 දී උපත ලැබූ ජෙරොම්ට ඔහුගේ පියාගෙන් ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ උපදෙස් ලැබුණු අතර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ ඉගෙනීම සඳහා මෙතුමාව රෝමයට වයන ලදි. මෙතුමාගේ තරුණ කාලය තුළ ලෞකික උත්සාහයන් අතර අරගලයක් පැවති අතර, එය ඔහුව බොහෝ ආකාරයේ පරීක්ෂාවන්ට ලක් කරන ලදි-ඇදහිලිවන්ත විශ්වාස‌යේ ජීවිතයකට නැඹුරු වීම, රෝම නගරයේ ඔහුගේ මිතුරන් සමඟ කැටකොම්බස් වෙත නිතිපතා සංචාරය කිරීමෙන් ඔහු තුළ ඇති විය.

"කාන්තාර පියවරුන්ගේ" පළමු පරම්පරාවට සමාන ජීවිතයක් සොයමින් ආද්‍රියාතික් ප්‍රදේශය අතහැර නැගෙනහිර දෙසට සිරියාවට ගොස් ඔහුගේ සැබෑ ගමනාන්තය කරා යන ගමනේදී ඵෙතිහාසිකව වැදගත්කමක් ඇති ග්‍රීක නගර කිහිපයක සංචාරය කිරීමට මෙතුමාට හැකි විය.  

ජෙරොම්ගේ ලිපි තුළ, වසර ගණනාවක් කාන්තාරයේ ආරාමිකයෙකු වශයෙන් ඔහුට විඳ දරාගැනීමට සිදු වූ පරීක්ෂා විචිත්‍රවත් ලෙස විස්තර කරයි. එසේවුවද, අන්තියෝක්හි රදගුරු පදවියට පත් වීමෙන් පසු, කොන්ස්ටන්ටිනෝපල් හි සහ රෝමයේ ඩැම්සස් I පාප් තුමාට සේවය කිරීමෙන් පසුව, මෙතුමා ක්‍රි.ව. 380 මැද භාගයේ පමණ බෙත්ලෙහෙම් නගරය තනිව තාපස ජීවිතයක් ගත කිරීම සඳහා ස්ථිර ලෙසම තෝරා ගත්තේය.

මෙතුමා ජුදෙව් රබ්බිවරුන් සමඟ ඉගෙන ගත් අතර හෙබ්‍රෙව් භාෂාව සහ සංස්කෘතිය සහ නැගී එන ග්‍රීක සහ ලතින් භාෂාව කතා කරන ක්‍රිස්තියානි ආගම අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමට උත්සාහ කළේය. මෙතුමා වසර 15 ක් පමණ හෙබ්‍රෙව් බයිබලයේ වැඩි කොටසක්  ලතින් බසට පරිවර්තනය කිරීමට කාලය ගත කළේය.

ශාන්ත ජෙරොම් වරක් පැවසුවා, "ක්‍රිස්තුස් වහන්සේගේ අණ පරිදි මම කළ යුතු ලෙස මම අර්ථකථනය කරමි: 'ශුද්ධ ලියවිල්ල සොයන්න' සහ 'සොයන්න, එවිට ඔබට සොයා ගත හැකි වනු ඇත.' පාවුලුතුමා පවසන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නම්, ශුද්ධ ලියවිල්ල නොදන්නා මිනිසා දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව නොදන්නේ නම්, ශුද්ධ ලියවිලි නොදැනීම ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ නොදැනුවත්කම වේ. "

ක්‍රි.ව. 420 දී  පමණ මෙතුමා ඔහුගේ බෙත්ලෙහෙම් ආරාමයේදී මිය ගියේය.

Post a Comment

0 Comments