✟✯✯ ශා. කොස්මස් සහ ඩේමියන්තුමන්ලා✯ ✯ ✟

 



සාන්තුවරයන් වන කොස්මස් සහ ඩේමියන් තුන්වන සියවසේදී අරාබිකරයේ සයිරස් නගරයේ ක්‍රිස්තියානි දෙමාපියන්ට දාව උපත ලැබූ නිවුන් දරුවන් . ඔවුන් ජීවත් වූයේ නූතන තුර්කිය සහ සිරියාව අතර මායිම අවට කලාපයේ ය. ඔවුන් ඔවුන්ගේ දක්‍ෂතාවයට මෙන්ම ඔවුන්ගේ සේවාවන් නොමිලේ ලබා දුන්  වෛද්‍යවරුන් විය. ඔවුන් තම වෘත්තිය සිදු කළේ එවකට සිරියාවෙහි ඒජී වරාය ආශ්‍රිත ප්‍රදේශයේය.

ඔවුන්ගේ දයාවන්තභාවය සහ කරුණාවන්තකම ක්‍රිස්තියානි ඇදහිල්ලට  බොහෝ දෙනෙක්  දිනා  දුන්ත් අතර  සුළු ආසියාවේ ක්‍රිස්තියානි ප්‍රජාවන් තුළ ඔවුන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. එම නිසා, තුන්වන සියවසේ අග භාගයේ දී දියොක්ලීසියානු හිංසා පීඩා ආරම්භ වූ විට, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රථමයෙන්ය ම මොවුන්ට ඒ සඳහා මුහුණ දීමට සිදුවිය.

ක්‍රි.ව. 287 දී ඔවුන් අල්ලා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය ප්‍රතික්ෂේප කරන ලෙස නියෝග කරන ලදී. ඔවුන් එය ප්‍රතික්ෂේප කළ අතර, කුරුසියේ ඇණ ගැසීම ඇතුළු වධහිංසා මාලාවක් සිදු වූ අතර, එයින් හාස්කමකින් මෙන් ඔවුන් නොනැසී බේරුණි. ඔවුන්ගේ ජීවිතයෙන් ඇදහිල්ල අත්හැර දැමීම කළ නොහැකි කාර්යයක් බව තේරුම් ගත් වධකයන් අවසානයේ ඔවුන් දෙදෙනාගේම හිස ගසා දැමූහ. ජීවිත කාලය පුරාම ඔවුන්ව  වෙන් කළ නොහැකි වූ අතර ඔවුන්ගේ බාල සොහොයුරන් වන ඇන්තිමස්, ලියොන්ටියස් සහ යුප්‍රෙපියස් ද ඔවුන් සමගම ජීවිත පූජා කළ බව කියැවේ.

Post a Comment

0 Comments