✟✯✯ භාග්‍යවර රයිකනෝ හි හර්මන්තුමා✯ ✯ ✟

 


රයිකනෝ හී භාග්‍යවන්ත හර්මන්තුමා (ජූලි 18, 1013-සැප්තැම්බර් 24, 1054), 11 වන සියවසේ ජීවත් වූ බෙනදිකානු නිකායික පූජාප්‍රසාදිතුමෙක් හා විශාරදයෙක් විය. ඔහු ඉතිහාසය, සංගීතය, ගණිතය සහ තාරකා විද්‍යාව පිළිබඳ පොත පත මෙන්ම බොහෝ ගීතිකා ද රචනා කළේය. 


හර්මන්තුමා උපත ලබන්නේ ජර්මනියේ ඇල්ට්ෂවුසන් හි රදල පවුලක පුත්‍රයෙකු ලෙසය. කුඩා කල සිටම අංශභාග රෝගය හේතුවෙන් ඔහු ආබාධිත තත්ත්වයේ පසු විය.  මෙතුමා කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීමේ රෝගී තත්ත්වය නිසා අංශභාග තත්ත්වයට ගොදුරු වී ඇති බව පැවසේ. ඒ හේතුවෙන් ඔහුට ඇවිදීමේ මෙන්ම ශරීරය සෙළවීමේ අපහසුකම් ඇති වූ අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි විය. වයස අවුරුදු හත වන විට ඔහුව තවදුරටත් රැකබලා ගැනීමට නොහැකි වූ නිසා ඔහුගේ දෙමාපියන් විසින් බෙනදිකානු තාපසාරාමයකට ඔහුව භාර දෙන ලදි.

ඉන්පසු මෙතුමා හැදී වැඩුණේ ජර්මනියේ කොන්ස්ටන්ස් විලෙහි පිහිටි දූපතක් වන රයිකනෝහි පිහිටි තාපසාරාමයෙහිය. මෙතුමා බෙනදිකානු පූජකතුමන්ලාගෙන් ඉගෙනීම් කටයුතු සිදු කර ගත් අතර දේවධර්මය සහ තමා වටා ඇති ලෝකය කෙරෙහි දැඩි උනන්දුවකින් කටයුතු කළේය. වයස අවුරුදු 20 දී මෙතුමාට බෙනදිකානු නිකායට ඇතුුුුුුු අවසර ලැබුණු අතර භාෂා කිහිපයක (අරාබි, ග්‍රීක සහ ලතින් ද ඇතුළත්ව) නිපුණතාව ද ලබා ගත්තේය. 

මෙතුමා ඉතිහාසය, ගණිතය, තාරකා විද්‍යාව සහ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳව පොත පත රචනා කරන ලදි. ඒලෙසම සංගීතය, විද්‍යාව, ජ්‍යාමිතිය සහ ගණිත විද්‍යාව පිළිබඳ කෘති කිහිපයක් සහ තාරකා විද්‍යාවට පිවිසුම ‌නමින් තාරකා විද්‍යාව පිළිබඳ නිබන්ධනයක් ද ලිවීය. ඉතිහාසඥයෙකු වශයෙන් ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ සිට වර්තමානය (ඔහුගේ කාලය දක්වා) දක්වාම විස්තරාත්මක වාර්‍තාවක් ලියූ අතර පසුව එය ඔහුගේ සිසුවෙකු වූ රයික‌ොන් හි බර්තෝල්ඩ් විසින් දීර්ඝව විස්තර කරන ලදී.

මෙතුමා කවියෙකු හා සංගීත රචකයෙකු ලෙස ද ප්‍රසිද්ධ විය. පසුකාලීනව ජීවිතයේ අන්ධභාවයට පත් වූ විට ඔහු ගීතිකා ලිවීමට පටන් ගත්තේය. ඉන් මෙතුමා වඩා ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව ඔහුගේ මෙම රචනා නිසාම ඔහු ගෞරවය හිමි වූ බව පෙනේ; 

මෙතුමා 1054 සැප්තැම්බර් 24, දින මිය ගිය අතර 1863 දී මෙතුමාව භාග්‍යවරයට ඔසවන ලදි.  

මෙතුමා ජීවත් වූ ‌රයිකනෝ දූපතේ පිහිටි බෙනදිකානු තාපසාරාමය වර්තමානයේ ‌ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කර ඇත. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු පහත දැක්වෙන වෙබ් පිටුවෙන් ලබා ගත හැකිය.

Monastic Island of Reichenau

Post a Comment

0 Comments