✟✯✯ භාග්‍යවර ඇන්ටන් මාර්ටින් ‌ස්ලෝම්සෙක් ✯ ✯ ✟

 


න්ටන් මාර්ටින් ස්ලොම්ෂෙක් 1800 නොවැම්බර් 26 වෙනිදා ස්ලොවේනියාවේ පොනික්වා හිදී උපත ලැබූ අතර භාග්‍යවරයට ඔසවනු ලැබූ ප්‍රථම ස්ලොවේනියානු ජාතිකයා ද වේ.

 
ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකු ලෙස ස්ලොම්ෂෙක් ප්‍රසිද්ධ වී ඇත. දහනව වන සියවස ආරම්භයේදී එරට අධ්‍යාපන මට්ටම ඉතාමත් පහළ මට්ටමක පැවති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුකර සාක්ෂරතාව ආසන්න වශයෙන් 100% ක් කරා ගෙන ඒ්මට මෙතුමා කටයුතු කරන ලදි. 
 
18 වන සියවසේ අග භාගයේ සහ 19 වන සියවසේ මුල් භාගයේදී 
ඔස්ට්‍රියානු අධිරාජ්‍යය විසින් ස්ලෝවේනියානු අධ්‍යාපන ක්‍රමය මර්දනය කිරීම හේතුවෙන්, භාෂාව සහ සංස්කෘතිය අඩපණ වී තිබුණි. මේ නිසා ඔවුන්ට තමන්ගේම පාසල්, පෙළ පොත්, සඟරා සහ පුවත්පත් නොමැති විය.

 රදගුරුවරයා ලෙස ඇන්ටන් මාටින් ස්ලොම්සෙක් ස්ලොවේනියාවේ පාසල් ප්‍රතිසංස්කරණය කළ අතර අධ්‍යාපන ක්‍රමය නැවත ගොඩනඟා එයට කතෝලික ආගම සහ ස්ලෝවේනියානු ඉතිහාසය පදනමක් ලෙස ලබා දුන්නේය. ඔහු බොහෝ පෙළපොත් ලිවීය, සතිපතා සමාලෝචනයන් ආරම්භ කළ අතර, තම ජනතාවගේ බුද්ධිමය අවශ්‍යතාවන්ට අදාළ යැයි ඔහු සලකන ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව බොහෝ පොත් පත් ලියන ලදි.

ස්ලෝවේනියානු ජාතිය තුළ කතෝලික සංස්කෘතික පදනම නැවත උත්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් වගකිව යුතු සංවිධානයක් වන කතෝලික සාහිත්‍යය ව්‍යාප්ත කිරීම සඳහා ඔහු සමාජයක් ආරම්භ කළේය.
 
මෙතුමා සරල හා නිහතමානී මිනිසෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර, සියලුදෙනාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර විය.
 
මෙතුමා වරක් ප්‍රකාශ කළේ, "මම ඉපදුණු විට මගේ මව මාව පිදුරුවලින් සෑදූ ඇඳක් මත තැබූවේ නම් මම මිය යන විට හොඳ කලාලයක් මට අවශ්‍ය නැත, කරුණාවේ සහ ගැලවීමට සුදුසු තත්ත්වත්ව පමණක් මම දෙවිඳුන්ගෙන් ඉල්ලමි" යනුවෙනි.
 
1862 සැප්තැම්බර් 24 වන දින ස්ලෝවේනියාවේ මැරිබෝර්හිදී මෙතුමා මිය ගිය අතර 1999 සැප්තැම්බර් 19 වෙනිදා දෙවන ජුවාම් පාවුළු පාප් තුමා විසින් ඔහුව භාග්‍යවරයට ඔසවන ලදී.

Post a Comment

0 Comments