✟✯✯ සාන්ත ෆාදරේ පියෝ ✯ ✯ ✟

 



සැප්තැම්බර් 23 දින සාන්ත සභා මාතාව ඉතාලි ජාතික, ෆ්‍රැන්සිස්කන් පූජක පෙට්රල්සිනාහි ශාන්ත පියෝ සමරනු ලබයි. "ෆාදරේ පියෝ" ලෙස කා අතරත් ජනප්‍රිය වූ මෙතුමා  නිහතමානිකම සහ ප්‍රාතිහාර්යයන් සඳහා ප්‍රසිද්ධ විය‍.

මෙතුමා ෆ්‍රැන්සිස්කෝ ෆෝර්ගියෝන් ලෙස ග්‍රැසියෝ සහ මරියා යුවළට දාව 1887 දී ඉතාලි ගොවි උපත ලැබීය. ඔහුගේ දෙමව්පියන්ට දරුවන් හත් දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් ළදරු වියේදී මිය ගියෝය. දිනපතා දිව්‍ය පූජාව, ජපමාලය උච්චාරණ්‍ය, පවුල් යාච්ඤාව සහ නිතිපතා පශ්චත්තාපික ක්‍රියාවනි සිදු කිරීම තුළින් සිය ඇදහිල්ලෙන් ජීවත් වීමට මෙතුමාගේ දෙමාපියන්වු ඉතිරි වූ දරුවන් පස් දෙනාට මග පෙන්වන ලදි.

ෆ්‍රැන්සිස්කෝ  තම මුළු ජීවිතයම දෙවියන් වහන්සේට කැප කිරීමට කුඩා අවධියේදී තීරණය කර තිබුණි. වයස අවුරුදු 10 දී, කැපූචින් ෆ්‍රැන්සිස්කන් ආදර්ශය ඔහුට ආනුභාවයක් ගෙන දුන් අතර, ඔහුගේ දෙමාපියන්ට මෙතුමා මෙසේ කීවේය: “මට රැවුල වවාගෙන කොල්ලෙකු වීමට අවශ්‍යයි.” මේ වන විට ෆ්‍රැන්සිස්කෝගේ පියා ජැමෙයිකාවේ රැකියාව කළ අතර ඔහුගේ පුතාගේ අධ්‍යාපනයට ආගමික ජීවිතයට ඇතුළු වීම සඳහා මුදල් යෙදවීමට කටයුතු කළේය.

1903 ජනවාරි 22 දින ෆ්‍රැන්සිස්කෝ ප්‍රථම වරට ෆ්‍රැන්සිස්කන් පැවිදි වස්ත්‍ර පැළඳ ගත් අතර ශාන්ත පස්වන පියුස් පාප්තුමාට ගෞරවය පිණිස "පියුස්" වෙනුවට නවීකරණය කරන ලද එතුමාගේ නාමයේ ඉතාලි ස්වරූපය වූ  ''පියෝ'' යන නව නාමය ගත්තේතේ ය. 1910 ගිම්හානයේදී එතුමා පූජකවරය ලබා ගත් අතර  ඉන්  ටික කලකට පසු, ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමේ තුවාල, ඔහුගේම ශරීරයේ ඇතිවන්නට විය.

මෙම අද්භූත නමුත් සැබෑ තුවාලත් සමඟ ෆාදරේ පියෝ තුමා සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විඳි අතර ඔහුගේ පූජකත්වයේ පළමු වසර හය තුළ ඔහුට ෆ්‍රැන්සිස්කන් හවුලෙන් ඉවත්ව ජීවත් වීමට සිදු විය. 1916 වන විට නැවත එක්වීමට ඔහුට හැකි වූ අතර පළමුවන ලෝක සංග්‍රාමයේ දී ඔහු අධ්‍යාත්මික පියතුමෙක් සහ ගුරුවරයෙකු ලෙස බොහෝ රාජකාරි ඉටු කළේය.

1917 සහ 1918 කාලය තුළ මෙතුමා කෙටි කාලයක් ඉතාලි හමුදාවේ වෛද්‍ය ඒකකයක සේවය කළේය. සාමය සඳහා වූ යාච්ඤාවක් ලෙස දුක් වේදනා පිළිගෙන යුද්ධය අවසන් කිරීම සඳහා ආත්මික "බිලි පඬුරක්" ලෙස ඔහු ඉදිරිපත් විය. එහිදී නැවත වරක් ඔහුගේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ තුවාල සළකුණු විය. 

1918 සැප්තැම්බර් 20 දා, පූජාවෙන් පසු සිය ස්තූතිය පුද කරමින් සිටියදී, ෆාදරේ පියෝ ජේසුස් වහන්සේ පිළිබඳ දර්ශනයක් දුටුවේය. දර්ශනය අවසන් වූ විට, ඔහුගේ අත්වල, පාදයේ සහ පැත්තෙහි තුවාා සලකුණු ඇති විය.

මෙතුමාගේ ජීවිතය වඩාත් සංකීර්ණ වූයේ ඉන් පසුව ය. වෛද්‍යවරුන්, පල්ලියේ බලධාරීන් සහ කුතුහලය දනවන අය මෙතුමා බැලීමට පැමිණියහ. 1924 දී සහ නැවත 1931 දී, මෙතුමාගේ මෙම තුවාල සලකුණු පිළිබඳ ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. මෙතුමාට ප්‍රසිද්ධියේ දිව්‍ය පූජාවක් සැමරීමට හෝ පාපොච්චාරණය කිරීමට අවසර නොලැබුණි. ඉක්මණින් එම තීරණය වෙනස් කෙරුණු අතර එතුමාට නැවත දිව්‍ය පූජාව පැවැත්වීමට හා පාපොච්චාරණය ඇසීමේ අවසරය ලැබිණි.
 
සෑම උදෑසනකම පාන්දර 5 ට පූජාවෙන් පසු, දහවල් වන තුරු ඔහුට පාපොච්චාරණයන් අසන්නට සිදුවුණි. ඔහු  උදෑසන කෙටි විවේකයක් ලබා රෝගී වූවන්ට සහ ඔහුව බැලීමට පැමිණි සැමට ආශීර්වාද කළේය. සෑම දිනකම සවස ඔහුට පාපොච්චාරණ ද අසන්නට ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ පාපොච්චාරණය ඇසීම සඳහා දිනකට පැය 10 ක් පමණ වෙන් කිරීමට සිදු විය. 

සියළුම රෝගීන් සහ දුක් වේදනා විඳීම් තුළ මෙතුමා ජේසුස් වහන්සේව අත්දකින ලදි. ඔහුගේ මගපෙන්වීම මත  ගාර්ගානෝ කන්ද මත රෝහලක් ඉදි කෙරිණි. මෙතුමාගේ මැදිහත් වීමෙන් සුවය ලැබුණු බව විශ්වාස කරන පුද්ගලයින් ගණනාවක් වාර්තා වී ඇත. 

මෙතුමා 1968 සැප්තැම්බර් 23 දින මිය ගිය අතර 1999 දී භාග්‍යවරයට සහ 2002 දී සාන්තුවරභාවයට ඔසවන ලදි. මෙතුමාගේ මැදිහත් වීමෙන් සුවය ලැබුණු බව විශ්වාස කරන පුද්ගලයින් ගණනාවක් වාර්තා වී ඇත. 

Post a Comment

0 Comments