✟✯✯ සාන්ත මතෙව් අපෝස්තුළුතුමා ✯ ✯ ✟

 


මෙතුමන්ගේ පියා වුයේ අල්පේහුස් වේ.මෙතුමා ගලීලයේ උපත ලැබූ බවට සලකනු ලැබේ.මෙතුමා බදු එකතු කරන්නෙක් විය." මා අනුව එන්න " යැ ජෙසු වහන්සේගේ පුංචි කැදවීම අනුව මෙතුමාගේ ජීවිතය වෙනස් වී ජෙසුස් වහන්සේ අනුව යන්නට විය.

මතෙව් තුමන් ජේසුස් වහන්සේට උත්සවයක් සදහ තම නිවසට ආරාධනා කරන ලදී.අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්රාවකයන් සමඟ විය.උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ සහ විනයධරයන් උන්වහන්සේට චෝදනා කරන්නට විය.එවිට ජේසුස් වහන්සේ මෙසේ වදරන ලදී

''රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය''යි වදාළ සේක.
(ශු.මාක් 2:17 , ශු.ලූක් 5:32)

ශුද්ධවර මතෙව් තුමන් ශු.බයිබලයේ සදහන් සුවිශේෂක වරු 4 දෙනාගෙන් කෙනෙකි.මෙතුමන්ගේ මංගල්යය දිනය සැප්තැම්බර් 21 සමරනු ලැබේ.බැංකුකරුවන් කැප කර ඇති සාන්තුවරයාණන් මෙතුමා වේ.

Post a Comment

0 Comments