✟✯✯ ටොලෙන්ටිනෝ හි ශු. නික්ලස් මුනිතුමා ✯ ✯ ✟

 


මෙතුමන් උපත ලබන්නේ 1245 වසරේ දී ඉතාලියේ පොන්තානෝ හි සාන්ත අන්ජලෝ නගරයේ දී ය. නිකලස් යන නාමය ඔහුට ලැබෙන්නේ තම දෙමාපියන් දරුවකු අපේක්ෂාවෙන් මයිරා හි ශාන්ත නිකලස් දේවස්ථානයේ දී යාච්ඤා කළ නිසාය.


වයස අවුරුදු 18 දී නිකලස් තාපස ජීවිතයට ඇතුළු වන අතර වසර හතකට පසු පූජකයෙකු ලෙස අභිෂේක කරන ලදී. ඔහු දේශකයෙකු සහ පාපොච්චාරණ අසන්නකු ලෙස කීර්තියක් ලබා ගත්තේය. නිකලස් මූලික වශයෙන් ඔහුගේ ජනතාවට යහපත් එඩේරෙක් විය. ඔහු දුප්පතුන්ට සහ අපරාධකරුවන්ට ලංවී බෙහෙවින් සේවය කළේය. ඔහු දේව මෑණියන්ට යාච්ඤා කරන ලද රොටිවලින් ලෙඩුන් සුව කළ බව කියැවෙන අතර පුදුම ක්‍රියා කරන්නකු ලෙස කීර්තියක් ලබා ගත්තේ ය.


1305 දී නිකලස් දිගු කල් පැවති රෝගයකින් පසු මිය අතර 1446 වසරේ ජුනි 05 වන දින අති උතුම් IV එවුජින් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ශුද්ධවන්ත භාවයට ඔසවන ලදී.


එතුමන් ළදරුවන්ගේ ද, රෝගාතුර වූ සතුන්ගේ සහ නාවිකයන්ගේ ද නාම සාන්තුවරයා ලෙස සලකනු ලැබේ.

Post a Comment

0 Comments