꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 6 ✟✟☬༒☆꧂

 


පළමුවන කියවීම 1 කොරින්ති 6:1-11

1ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද? 2කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද? 3අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද? 4එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද? 5මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද? 6සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?

7මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? 8ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය. 9අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, 10සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය. 11තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.

පිළිතුරු ගීය ගීතාවලිය 149:1B-2, 3-4, 5-6A AND 9B

    පිළිතුර-සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.

   1සමිඳුන් පසසන්න.

සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
පිළිතුර-සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
3එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
පිළිතුර-සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
පිළිතුර-සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
පිළිතුර-සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.

   ආලේලෙූයියා ජොහන්    15:16

   6

ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.

   සුබාරංචිය ලූක්  6:12-19


Post a Comment

0 Comments