පළමුවන කියවීම 1 කොරින්ති 15:12-20
12අප දේශනා
කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන්
උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද? 13මළවුන්ගෙන්
උත්ථාන වීමක් නැත්නම්,
ක්‍රිස්තුන්
වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 14ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ
සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය. 15මළවුන් උත්ථාන
කරනු ලැබීමක් නැත්නම්,
දෙවියන්
වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කෙළේත් නැත. එසේ නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ
උත්ථාන කළ සේකැ යි අප සාක්ෂි දුන් බැවින්, අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ. 16මන්ද, මළවුන්
උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 17ක්‍රිස්තුන්
වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත්
පාපයෙහි ඇලී සිටින්නහු ය. 18එපමණක් නොව, ක්‍රිස්තුන්
වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත. 19ක්‍රිස්තුන් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව
මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම්, අපි සියල්ලන්ට ම වඩා කාලකණ්ණියෝ වෙමු.
20එහෙත්
සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන්
උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.
පිළිතුරු
ගීය ගීතාවලිය 17:1BCD,
6-7, 8B AND 15
පිළිතුර - මා අවදි වන කල
ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
1සමිඳාණන්
වහන්ස,
මාගේ මේ
සාධාරණ යැදුමට සවන් දුන මැනව;
මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
පිළිතුර - මා අවදි වන කල
ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
6දෙවිඳුනි, ඔබ මට
පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි.
මා අයැදුමට කන් යොමු කළ මැනව;
මාගේ බස් ඇසුව මැනව.
7මිදුම්කරුනි, ඔබේ දකුණු
අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව;
ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
පිළිතුර - මා අවදි වන කල
ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
8ඔබේ ම දෙනෙත
රක්නා සේ මා රැකගන්න;
ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.
15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ
ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
පිළිතුර - මා අවදි වන කල
ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
ආලේලූයියා මතෙව් 11:25
25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක:
“ස්වර්ගයටත්, පොළොවටත්
ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ
හෙයින් ඔබට තුති පුදමි.
සුබාරංචිය
ලූක් 8:1-3
0 Comments