꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 14 ✟✟☬༒☆꧂



පළමුවන කියවීම ගණන් කතාව 21:4B-9

මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ. 5සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ. 6එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. 7එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය. 8සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක. 9එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.

පිළිතුරු ගීය ගීතාවලිය  78:1BC-2, 34-35, 36-37, 38

පිළිතුර -දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්න.
1මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව.
මා පවසන වදන්වලට සවන් දුන මැනව.
2 උපමාවක් මඟින් මම කතා කරන්නෙමි.
පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.
පිළිතුර -දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්න.
34එතුමාණන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කල, සෙසු අය එතුමාණන් සෙවුවෝ ය.
ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන දෙවිඳාණන් සොයා ගියෝ ය.
35ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය.
ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.
පිළිතුර -දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්න.
36 එහෙත්, ඔව්හු එතුමාණන්ට තම මුවින් චාටු බස් කීවෝ ය;
දිවෙන් මුසා බස් දෙඩුවෝ ය.
37 ඔවුන්ගේ සිත් එතුමාණෝ කෙරෙහි නිතර ම එකඟ නො වී ය.
එතුමාණන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.
පිළිතුර -දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්න.
38 එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක;
ඔවුන් නොවැනසූ සේක;
විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
පිළිතුර -දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්න.
දෙවන කියවීම  පිලිප්පි 2:6-11 
6උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10  එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
සුබාරංචිය ජොහන් 3:13-17

Post a Comment

0 Comments