ෆ්ලේවියන්තුමා I, ක්‍රි ව. 446 සිට 449 දක්වා කොන්ස්තන්තිනෝපලයේ අගරදගුරුවරයා විය. ඔහු නැගෙනහිර සභාවේ සහ කතෝලික සභාවේ සාන්තුවරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වේ.
ෆ්ලේවියන්තුමා කොන්ස්ටන්ටිනෝපල්හි මහා දේවස්ථානයේ පූජනීය භාණ්ඩවල භාරකරුවෙකු සහ තේවාචාර්යවරයෙක් ලෙස ශුද්ධවන්ත ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. අගරදගුරු ප්‍රොක්ලස්ගේ මරණින් පසු කොන්ස්ටන්ටිනෝපල්හි අගරදගුරු ලෙස මෙතුමා තේරී පත් විය.
ඔහු රදගුරු ධූරය දැරූ කාලය තුළ, රෝම අධිරාජ්‍යයා වූයේ II වන තියෝඩෝසියස් රජු වූ අතර ඔහු චැල්සිඩොන් හි සිට අධිරාජ්‍යය පාලනය කළේය. තියෝඩෝසියස් රජුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ක්‍රයිසෆියස් අධිරාජ්‍යයාට රන් තෑග්ගක් ලබා දීමට උත්සාහ කළ නමුත් ඔහු අසාර්ථක වූ අතර එහිදී (යුටිචස් නම් කෙනෙකු එයට ඔහුට සහය දැක්වුවත්) නව අගරදගුරු තුමා ද ඊට සහය දුන් බව පවසමින් ෆ්ලේවියන් ට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට පටන් ගත්තේය
ක්‍රි ව. 448 නොවැම්බර් 8 වන දින කොන්ස්ටන්ටිනෝපල්හි රදගුරුවරුන් හතළිස් දෙනෙකුගෙන් යුත් කවුන්සිලයකට ෆ්ලේවියන් මුලසුන හෙබවූයේ සර්ඩිස්හි අගනගර බිෂොප්වරයා සහ ඔහුගේ පළාතේ බිෂොප්වරුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් විසඳීම සඳහා ය. ඩොරිලියම් හි බිෂොප් යුසීබියස් යුටිචස්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. ඩොරිලියම් හි බිෂොප්වරයාට කරන ලද මෙම ආයාචනය සමඟින් ෆ්ලේවියන්ගේ කතාව අවසන් වේ: "ඔබේ ගෞරවය ඔහුව බැහැදැකීමට සහ සැබෑ ඇදහිල්ල ගැන ඔහු සමඟ තර්ක කිරීමට ඉඩ දෙන්න, ඔහු ඉතා සත්‍යයක් වැරදි බව සොයා ගන්නේ නම්, අපගේ ශුද්ධ සභාවට, ඔහු විසින්ම පිළිතුරු දෙනු ඇත." අවසානයේදී රදගුරු සමුළුව විසින් යුටිකස් බලයෙන් පහ කරන ලදී.
කෙසේ වෙතත්, යුටිකස් මෙම තීන්දුවට විරෝධය පළ කළ අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ I Dioscorus පාප්තුමාගේ සහය ලැබුණු විට, අධිරාජ්‍යයා විසින් එපීසයේ තවත් සමුළුවක් කැඳවා ඇත.
ක්‍රි ව. 449 අගෝස්තු 8 වන දින රැස් වූ මෙම කවුන්සිලයේදී, මෙම කවුන්සිලයේ සැසිවාරයේදී ෆ්ලේවියන්ට එක්තරා බර්සුමාවරුන් විසින් නායකත්වය දුන් අවිචාරවත් රදගුරුවරුන් විසින් චෝදනා එල්ල කරන ලදි. පසුව ෆ්ලේවියන්ව නෙරපා හැර පිටුවහල් කරන ලදී. සභාව යුතිකස්ව නැවත ධූරයේපිහිටුවන ලදී.
ෆ්ලේවියන් ක්‍රි ව. 449 අගෝස්තු 11 වන දින කුඩා ආසියාවේ ලිඩියා හි හයිපේපාහිදී මිය ගියේය.
කවුන්සිලයේ දී සිදුවූ සිදුවීම් විභාග කළ පළමු ලියෝ පාප්තුමා, කවුන්සිලය "කොල්ලකාර සමුළුවක්" ලෙස හැඳින්වූ අතර, එහි තීරණ අවලංගු බව ප්‍රකාශ කළේය.
ක්‍රි ව. 450 දී දෙවන තියෝඩෝසියස් අධීරාජ්‍යයා මිය ගිය පසු, ඔහුගේ සහෝදරිය පුල්චෙරියා නැවත බලයට පත් වූ අතර, අධිරාජ්‍යයා බවට පත් වූ නිලධාරි මාර්සියන් සමඟ විවාහ විය.
නව අධිරාජ්‍ය යුවළ විසින් ෆ්ලේවියන්ගේ දේහය කොන්ස්ටන්ටිනෝපලය වෙත ගෙන එන ලදී. එම අවමංගල්‍යය පෙරහැර "අවමංගල්‍ය පෙරහැරකට වඩා ජයග්‍රහණයක් .." සමාන විය. යනුවෙන් ඉතිහාසඥයන් වාර්තා කර ඇත. ක්‍රි ව. 451 දී කැඳවන ලද චැල්සිඩොන් කවුන්සිලය, යුතිකස් හෙළා දකිමින්, ලියෝ පාප්තුමාගේ ලිපිය තහවුරු කර, ෆ්ලේවියන්තුමා ව ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස ප්‍රකාශයට පත් කළේය.
රෝමානු කතෝලික සභාව ශාන්ත ෆ්ලේවියන් සිහි කරනු ලබන්නේ පෙබරවාරි 18 වන දින වේ.

0 Comments